2011-08-17

දිට්ට දම්ම වේදනීය කර්ම පලදීම හෙවත් ලන්ඩන් හා කොලඹ

කෙනෙකුට කරදරයක් උනාම ඒදිහා බලල හිනාවෙන එක හොද දේයක් නොවුනත් අද මට ආපු ඊ-ලිපියක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුනා. මේ ඊ-ලිපියෙන් පෙන්නන්නෙ අද දවස වෙන කොට එන්ගලන්තයේ ලන්ඩන් නගරයේ සහ ශ්‍රී-ලංකාවේ කොලඹ නගරයේ සිදුවීම් මාලාවක්.  ඔයාලත් මෙක බලල හිතට එන දෙයක් පහලින් ලියල යන්න. :)  :)






ලන්ඩන්




 කොලඹ



ලන්ඩන්



 කොලඹ


 ලන්ඩන්


කොලඹ



 ලන්ඩන්



කොලඹ



 ලන්ඩන්



 කොලඹ



ලන්ඩන්



 කොලඹ



 ලන්ඩන්



 කොලඹ



 ලන්ඩන්





කොලඹ


ඒවගේම මේ සීන් එක නිසා එන්ගලන්තයේ ටුයිටර් හා ෆේස්බුකිය බෑන් කරන කතාවකුත් කියනවා. ඒ ගැන වැඩිදුර කියවන්න පහල ලින්ක් එකෙන්.
http://syco.me/?p=485

2011-08-10

ගැහැනිය සහ ATM යන්ත්‍රය :)


ඔන්න ගොඩක් කාලෙකින් ආවා තවත් පට්ටම පට්ට ඊ-ලිපිය්ක එක්ක. කියවල බලල කොමෙන්ට් එකක් එහෙමත් දාල යන්න කෝ  :)  :) 

නගරයේ ඇති හොඳම බැංකුවේ ATM මැෂිම අසල මෙම නිවේදනය දක්නට ලැබින.


"ළඟදීම,..."


"ඔබට වාහනයේ සිටම මුදල් ආපසු ලබා ගැනිමේ ATM යන්ත්‍රයක සේවාව හඳුන්වාදෙන
බව සියළු ගනුදෙනුකරුවන් වෙත ඉතා ප්‍රීතියෙන් දැනුම් දෙමු... එමගින් මුදල්
ලබාගැනීමට පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න"

2011-07-25

She sells, her self. But please let her be ........

සති ගානකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්න තියා බ්ලොග් එකක් කියවන්නවත් බැරිඋනා.. ඉතින් ඔන්න අද බුකියට ලොග් උන වෙලාවෙයි දැක්කේ මගේ සහෝදර "The Lankan Gara-Yaka" අලුත් බ්ලොග් පෝස්ට් එකක් දාලා කියල.. ඉතින් ඒක කියවල ඉවරවුනාම මට හිතුනා මේක අනිත් අයත් එක්ක බේදාගන්නවනම් හොදයි කියල...  
නමුත් මේ පෝස්ට් එක 18+

2011-07-12

සීයේ සීයේ !!! සීය කොච්චර වයසද ??


ඔන්න ඉතින අදත් මම හිතුවා ඔයාලට වටින කියන ඒවගේම හිතට වදින ලිපියක් දේන්න ඕන ලියලා. ඉතින් අදත් මම තොරගත්තා මට යාලුවෙක් එවපු පට්ට ඊ-ලිපියක්. මේක ඉන්ගිරීසියෙන් නොවැ එවල තියෙන්නේ. ඉතින් ඔන්න මම පුලු පුලුවන් හැටියට සිංහලට හරවන්ටයි ලෑස්තිය.
ඔන්න දවසක් සීයාකෙනෙකුයි මුනුබුරෙකුයි ඉස්තෝප්පුවට වෙලා කතාකර කර හිටියලු අද කාලෙ ගැන. ඉතින් ඔන්න මුනුබුරා ඇහුවලු සීයගෙන් සීය මොකද හිතන්නේ අද ලොකයේ දියුනුව ගැන, අපි ඉස්කෝලෙ ගිහින් ඉගෙනගන්න දේවල් ගැන , සීයලගෙ පොඩි කාලෙ ගැන කියල.
ඉතින් සීය ටිකක් වෙලා කල්පනා කරල මෙන්න මෙහෙම කිව්වලු.

2011-07-06

කුමාර සංගක්කාර Marylebone Cricket Club (MCC) සඳහා කල කතාව ඇහුවද ? ඔබ ශ්‍රීලාන්කිකයෙකුනම් අනිවාර්‍යයෙන්ම මේ සඳහා විනාඩි 62ක් වෙන්කරන්න.


මම දෙමළ ජාතිකයෙක්, මම සිංහලයෙක්, මම මුස්ලිම් ජාතිකයෙක් වගේම මම බර්ගර් ජාතිකයෙක්, මම බෞද්දයෙක්, මම හින්දු භක්තිකයෙක් වගේම ක්‍රිස්තියානි හා ඉස්ලාම් භක්තිකයෙක් නමුත් ඒ සැමටම වැඩියෙන් මම අද හ හැමදාටම පෘඩ  ශ්‍රීලාංකිකයෙක්. 

2011-07-04

මැජික් පිටුපස මැජික් එක :)
















මිනිසා දන්නවා...
ලොකය සරල බව,
එය ඉතා කාලකන්ණි බව,
සෑම ආකාරයකින්ම ඝන බව...                                                            
නමුත්.....
නමුත් ඔබට හැකිනම් ඔවුන්ව මෝඩයන් කරන්න..
ඔව්..මෝඩයන් කරන්න..
එක මොහොතකට හරි.
එතකොට ඔබට දැකගන්න පුලුවන්,
හරි විශේෂ දෙයක්..
ඒ තමයි ඔවුන්ගේ බැල්ම....
ඔවුන්ගේ මුහුණේ ඇතිවෙන බැල්ම....
ඔවුන් හොදින්ම දන්නවා...
ඔවුන් මෝඩයන් වූ බව
නමුත් ඔවුන්ගේ මුහුණු පවසන්නේ කුමක්ද ??
ඔවුන් සිතන්නේ කුමක්ද ??
ඔබ.
ඔව්,ඔබ..
ඔවුන්ව දැන දැනම,
මෝඩයන් කරන්නට තරම් හපනෙකු වූ බව නොවේද?? 
--------------------------------------------------------------


ආ.. දැන් එහෙම නෙවෙයිද ??  :)   :)




2011-06-28

බදුල්ලේ ඉදන් බණ්ඩාරවෙලට බස් එකේ ගිහින් තියෙනවද ??

අදනම් දාන්න යන්නේ පොටෝ පෝස්ට් එකක්. ඇත්තටම මේක මට යාලුවෙක් එව්ව ඊ-මේල් එකක්. දැක්ක ගමන් මට හිතුනා මේක මගේ බ්ලොග් යාළුවොත් එක්ක බෙදාගන්න තරම් වටින දෙයක් කියලා. මොකද මේ පින්තූර් ටික මට, මගේ රට ගැන හරිම අභිමානයක් ඇතිකරා. ඇත්තටම මත තවමත් හිතාගන්න බෑ මගේ රට කොයිතරම් සුන්දරද කියල :) 
එහෙනම් කතා ඇති. දැන් ඔයගොල්ලත් මේ පින්තූර ටික බලල හිතෙන දේවල් පහලින් ලියල යන්නකෝ.

 
 





2011-06-26

එස් බී මාමාගෙ නායකත්ව පුහුනුව පට්ටයිලු ඕයි !!!


පහුගිය ටිකේම අපිට මේ එස් බී මමගේ නායකත්ව පුහුනුව ගැන එක එක ඒවා අහන ලැබුන නොවැ. ඉතින් මමත් මේකෙ ඇත්ත නැත්ත දැන ගන්න බොහොම ආසවෙන් හිටියෙ.

එස් බී මාමාගෙ නායකත්ව පුහුනුව පට්ටයිලු ඕයි !!!

2011-06-21

අවාසනාවට ඇත්ත කතාවක් !!!

සතියකින් විතර පෝස්ට් එකක් දාන්නත් බැරි උනා ..  කොහෙද ඉතින් මේ විභාග කියන ඒවගේ ඉවරයක් අත්තෙම නෑනෙ !!  අද මම ලියන්න යන්නේ ඇත්ත්තම ඇත්ත තිත්තම තිත්ත කතාවක් ,


මේක මුලින්ම මට අත්දකින්න සිද්දවුනේ අපේ ගමේ සිල්ලර කඩේකට ගිය වෙලාවෙදි. අපේ ගමේ ගොඩක් මිනිස්සු ඉතින් දුප්පත්නේ. ඒ මිනිස්සු  රුපියල් 100ක් අරන් කඩේට එන්නේ වේලකට කන්න සේරම අඩුම කුඩුම අරන් යන්න තමයි, වෙලාවකට පුදුමත් හිතේනව රුපියල් 100ක් අරන් එන මනුස්සයා හාල් 250යි, ළුනු ගෙඩියයි, තක්කලි ගෙඩියයි,බිත්තරයයි....  අන්න එහෙම තමයි බඩුගෙනියන්නේ !

2011-06-11

ශ්‍රීලාංකීය බ්ලොග් කලාවේ අලුත්ම පෙරලිය.


මේ ලිපිය ලියන්නෙ ඇත්තටම මට හරි සතුටු වෙලාවක. මගේ බ්ලොග් එකට, අහෙමත් නැත්තම් චාමිකගේ බ්ලොග් එකට මාස 7ක් තුල 10000කට වඩා පිරිසක් ඇවිත් තියෙනවා. ඉතින් සතුටු නැත්ද ??  හි හි.
මේ ඇත්තටම බ්ලොග් එකකට පාඨකයන් එන්න නම් බ්ලොග් ලියන කලාවෙ වගේම බ්ලොග් එකට තියෙන ප්‍රචාරයත් ගොඩක් වටිනවා. අන්න එතනදි තමයි බ්ලොස් සින්ඩිකේටර් වල සහය අපිට ගොඩාක් වට්න්නේ. ඉතින් අද මම හිතුව ඔයාලට උණු උණු සින්ඩියක් දෙන්න. ඇත්තටම මේ සින්ඩිය අද වෙනකොට ශ්‍රීලාංකීය මාධ්‍ය අවකාශයේ ඉහලින්ම ඉන්න ජන මාධ්‍යක් වන දෙරණ මාධ්‍ය ජාලය විසින් ආරම්භකරන ලද්දක්.

2011-06-06

Micro Panda Geely Lc 1.3 කාර් එක ගැන දන්නවද ???

මේ දවස්වල කොල්ලුපිටිය ලිබර්ටි film hall එකේ පෙන්නන්න අපි කවුරුත් බලන්න ආසාවෙන් හිටිය ෆිල්ම් 1ක් නොවැ. ඒතමයි kung-Fu panda 2  film එක. ඉතින් film hall එක ලගින් යනකොට මම දැක්කා එක ඉස්සරහා හුරුබුහුටි කාර් පොඩ්ඩෙක් නවත්තල තියෙනව. ලන්වෙලා බැලින්නන් මෙන්න ඒක ඇතුලෙ පැන්ඩො දෙන්නෙකුත් ඉන්නව ..  හි හි...  බලන්ගියාම මේක අපේ රටේ කාර් කොම්පැනියෙ ඒ කියන්න micro cars කොම්පැනියෙ අලුත්ම කාර් එකේ promotion එකක්. හි හි, ඉතින් මමත් නිකන් ගන්න වගේ කාර් එකේ හැම අස්සක් මුල්ලක්ම බැලුව.

2011-06-03

පොලීසියෙන් හැම හොරෙක්ම අල්ලනවද ???


පොලීසිය කියන්න මොකක්ද කියල ඕන පොඩි එකෙක් ගෙන් ඇහුවොත් කියන්නේ හොරු අල්ලන තැන කියලනේ.
ඉතින් අපේ මාමටත් හිටිය පොලීසියේ යාළුවෙක්. මට මතකයි පොඩිකාලෙ දවසක් මම එයාගේන් ඇහුව මාමෙ කව්ද හොරු කියන්නෙ කියල. එතකොට එයා කිව්ව අනුන්ගෙ දෙයක් අයිතිකාරයට නොදන්වා , නොදැනෙන්න ගන්න අය හොරු කියල. එහෙම අයව පොලීසියෙ ඉන්න මාමල අල්ලල දඩුවම් කරනව කියලත් කිව්ව.
එහෙනම් දෙයියනේ මගේ හිත මටත් හොරෙන් අරගෙන මට උදේ හවා වදදෙන,
මේ කෙල්ලව පොලීසියෙන් අල්ලන් නැත්ත ඇයි ????
ඒ මොකද කියල ඔයාලවත් දන්නවනම් මට කියල දෙන්න කෝ ...

2011-05-30

ඔබේ පරිඝණකයටත් පණ දෙමුද?

ඉතින් යාලුවනේ අද මම ඔයාලට දේන්න යන්න තාක්ෂණික ලිපියක්. ඇත්තටම ඔයාල ආස නැත්ද ඔයාලගෙ පරිඝණකය on කරපු ගමන්ම ඔයාගෙ නම කියල ඔයාව පිලිඅරගෙන පරිඝණකයේ වර්ථමාන තත්වය ගැන ඔයාට කතාකරලම කියන පරිඝණකයක හිමිකරුවෙක් වෙන්න. පුද්ගලිකව මම නම් ආසයි. ඒක නිසාම තමයි මම මේ vb-script එක ලිව්වෙ. ඉතින් මට හිතුන ඒක ඔයාලටත් දුන්නොත් හොදයි කියල.

2011-05-29

මෙන්න විදුලි කාර් Roadster Electric Car




කාර් එකක් කියන්නෙ අද අපි කාගෙ කාගෙත් ලොකු හීනයක්නෙ, ඉතින් මම හිතුව අද සුපිරි කාර් එකක් ගැන ලියන්න. කාර් කිව්වහම අද වෙනකොට ලංකාවෙ trend එක hybrid කාර් නෙ. ඉස්සර නම් hybrid වලට tax තිබුනෙත් නැති නිසා ගොඩක් ලාබෙට ගන්නත් පුලුවන්කමක් තිබුන. ඒත් ඉතින් අද මම ලියන්නෙ සම්පූර්ණයෙන්ම electric කාර් එකක් ගැන.

2011-05-19

දිලුම් සොයුරාණනි ඔබට නිවන් සුව...!

කිසිදා දෙනෙතින්  නොදුටු ඔබ,        
සවන පමනක් වැකුනු ඔබ ඔබ,        

2011-05-15

වෙසක් සඳ

අදින් පස්සෙ ඉතින් බ්ලොග් එක පැත්තෙ එන්න වෙන්නෙ පෝය පහුවෙලා තමයි. ඉතින් මම මගේ වෙසක් පැතුම අදම දානවා.




 
වෙසක් සඳෙන් සැම සිත් පින්බර        වේවා
කුසලට මිසක් අකුසල වෙත     නොඇදේවා
ජීවිතයම කල එලි වී                   වැජබේවා
ඔබ සැම හට පින්බර වෙසඟක්           වේවා



  

මට ඉතින් කවි ලියන්න බෑ ඒත්,
මේ ඔයාල වෙනුවෙන්ම මම ලියපු කවියක්  :)  :)


2011-05-13

Facebook එකේ තියෙන, අරයගෙ Hot ඒවා දැක්කද ? ? ?

අපි නැග්ගොත් පුවක්ගහෙත් දෙබලක් නෙ. ඉදල ඉදල හොද පොස්ට් 1ක් දැම්ම විතරයි බ්ලොගර් කාරය ඒකටත් කෙලිය නොවැ(මම දැක්ක අපේ සුපර් මාරියෝ කොල්ල wordpress site එකකුත් හදල තිබුන ), අන්තිම පොස්ට් එක ආයෙත් දානව කිව්වට තාම දාලත් නෑ. හොදවෙලාවට මම හැම එකකම පෝස්ට් එකකම බැකප් එකක් තියන් ඉන්නෙ. ඔන්න ඉතින් කියවපු නැති අය වෙනුවෙන් අයෙම අන්තිම පොස්ට් එක දනව. ඒ ගමන්ම අපේ ආදරනීය බ්ලොගර් ට ආයෙත් මෙහෙම නොවේවා කියල ප්‍රාර්තණා කරනව. 

දැන් ඉතින් බ්ලොගර් හරිනේ.සෝ  මම ඔයාලට අරන් ආවා hot hot topic එකක්. හික් හික්!!  "අරයගෙ hot ඒවා දැක්කද ?? " මම මුලින්ම කියන්න ඕනෙ මෙතනට ආපු ඔයාලගෙන් 80% කට වඩා අය එන්නෙ අරයගෙ Hot ඒවා බලන්න. ඇත්තටම ඒකෙ කිසි වරදක් කියන්න බෑ.මොකද මට ඕන උනෙත් මෙන්න මේ 80% කට වැඩි පිරිස මෙතනට ගෙන්න ගන්න තමයි.මොකද එයාලට තමයි අද මම කියන්න යන කතාව ගොඩක්ම වැදගත් වෙන්නෙ.
හරි අනන් මනම් ඕනෙ නෑ. මම කෙලින්ම කතාවට බහින්නම්කෝ, මම මේ කියන්න යන්නේ අපි වැඩිදෙනෙක් යන එන Faceබුකියේ වෙන දෙයක් ගැන. ලිංගික අශාව එහෙමත් නැත්තම් SEX කියන දෙය කොයිකාටත් පොදු දෙයක්. ඇත්තම කියනවනම් මේතරම් මිනිසා ආශා කරන වෙන දෙයක් නැති තරම්. නමුත් මම අද කියන්න යන්නෙ තමන්ගෙ විවිධ අවශ‍්‍යතා ඉටුකරගන්න මිනිසාගේ හැගීම් වැරදි විදිහට භාවතා කරන එක වැරදියි කියලයි. ඔක්කොටම කලින් පහල තියෙන පිංතූර ටික බලල ඉන්නකෝ. ඔයාල ගොඩක් අය මේව දැකලත් ඇති. නමුත් නොදැකපු අයත් ඉන්න නිසා ඒ ටිකත් බලලම ඉතිරි ටික කියවමු නේද??











 
ඇත්තටම මේ තියෙන්නේ දාල තියෙන Facebook® advertisement ටිකක්. ඔයාලට පේනව නේද ඒවගෙ තියෙන දේවල්. ඇත්තටම කියනවනම් මම මේ post එකට යොදගත්ත මාතෘකාවත් ඔය වගේමනෙග. ඉතින් මම කලින් කිව්වවගේ අර 80% කට වැඩි පිරිස ඉලක්ක කරගෙන තමයි මේ advertisements දාල තියෙන්නේ. ඉතින් අපි ගොඩක් දෙනා මෙහෙම එකක් දැක්කම click කරල බලනවමනේ, ඇත්තටම ඒක ඉබේටම වගේ සිදුවන දෙයක්,එහෙම නේද? නමුත් මේක click කරාම යන්නෙ කොහෙටද?? නිකන්ම නිකන් ඕපදූප ගොඩකුයි advertisements ගොඩකුයි පිරුනු  site එකකට. (සමහරවිට ඔයාල ගිහින් නැතුව ඇති. මොකද ඔයාල හොද ලමයිනෙ:-) නමුත් පුද්ගලිකව මම click කරලතියෙනවා.හික් හික් !!!) ඉතින් මම කියන්න යන්නේ සල්ලි හම්බු කරන්න අනුන්ගෙ අශාවන් තුරුම්පු කරගන්න එක හරිම වෙරදියි කියලයි. මොකද මෙයාල මෙහෙම advertisements  දාන්නෙ එයාලගෙ site එකේ clicks වැඩිකරගන්න. මොකද clicks වැඩි වෙන තරමටනෙ advertisements වලට අයකරන ගාන වැඩිවෙන්නෙ. අනික facebook  එකේ තියෙන advertising අමුතුම කලාව නිසා මේක hit වෙනව ගොඩක් වැඩියි.(ගොඩක් අය දන්නව ඇති FB එකේ advertising කලාව ගැන. දන්නෙ නැති අය වෙනුවෙන් ඒගැන ලිපියකුත් ලගදිම දාන්නම් කෝ) මේ advertisements දාන්න කලින් මෙයාල පොඩ්ඩක්වත් හිතුවද දන්නෑ මේ දාල තියෙන පින්තූර් වල ඉන්න අයගෙ ආත්මගරුත්වය ගැන,ඒවගේම අපි දන්නවද හරියටම මේ පිංතූරවල ඉන්නෙ කවුද කියල? ස්මහරවිට මෙවත් faceබුකියෙම ඉන්න අපි කාගෙහරි අක්ක කෙනෙක්ගෙ, නංගිකෙනෙකුගෙ වෙන්න බැරිද? අනික අපේ පුන්චි රටේ ගිලිහීගෙනයන සදාචාරයට මොකද වෙන්නේ . මම නම් කියන්නෙ ඕනම මගෝඩි වැඩක් කරල සල්ලි හම්බුකරන්නේනැතුව කවුරු කවුරුත් අපේ රට ජාතිය ආගම ගැන හිතුවොත් හොදයි නේද??
ඔයාලත් මේක කියවල හිතට එන ඕනම අදහසක් යටින් ලියල යන්න.  
ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.