2011-06-26

එස් බී මාමාගෙ නායකත්ව පුහුනුව පට්ටයිලු ඕයි !!!


පහුගිය ටිකේම අපිට මේ එස් බී මමගේ නායකත්ව පුහුනුව ගැන එක එක ඒවා අහන ලැබුන නොවැ. ඉතින් මමත් මේකෙ ඇත්ත නැත්ත දැන ගන්න බොහොම ආසවෙන් හිටියෙ.

එස් බී මාමාගෙ නායකත්ව පුහුනුව පට්ටයිලු ඕයි !!!

2011-06-21

අවාසනාවට ඇත්ත කතාවක් !!!

සතියකින් විතර පෝස්ට් එකක් දාන්නත් බැරි උනා ..  කොහෙද ඉතින් මේ විභාග කියන ඒවගේ ඉවරයක් අත්තෙම නෑනෙ !!  අද මම ලියන්න යන්නේ ඇත්ත්තම ඇත්ත තිත්තම තිත්ත කතාවක් ,


මේක මුලින්ම මට අත්දකින්න සිද්දවුනේ අපේ ගමේ සිල්ලර කඩේකට ගිය වෙලාවෙදි. අපේ ගමේ ගොඩක් මිනිස්සු ඉතින් දුප්පත්නේ. ඒ මිනිස්සු  රුපියල් 100ක් අරන් කඩේට එන්නේ වේලකට කන්න සේරම අඩුම කුඩුම අරන් යන්න තමයි, වෙලාවකට පුදුමත් හිතේනව රුපියල් 100ක් අරන් එන මනුස්සයා හාල් 250යි, ළුනු ගෙඩියයි, තක්කලි ගෙඩියයි,බිත්තරයයි....  අන්න එහෙම තමයි බඩුගෙනියන්නේ !

2011-06-11

ශ්‍රීලාංකීය බ්ලොග් කලාවේ අලුත්ම පෙරලිය.


මේ ලිපිය ලියන්නෙ ඇත්තටම මට හරි සතුටු වෙලාවක. මගේ බ්ලොග් එකට, අහෙමත් නැත්තම් චාමිකගේ බ්ලොග් එකට මාස 7ක් තුල 10000කට වඩා පිරිසක් ඇවිත් තියෙනවා. ඉතින් සතුටු නැත්ද ??  හි හි.
මේ ඇත්තටම බ්ලොග් එකකට පාඨකයන් එන්න නම් බ්ලොග් ලියන කලාවෙ වගේම බ්ලොග් එකට තියෙන ප්‍රචාරයත් ගොඩක් වටිනවා. අන්න එතනදි තමයි බ්ලොස් සින්ඩිකේටර් වල සහය අපිට ගොඩාක් වට්න්නේ. ඉතින් අද මම හිතුව ඔයාලට උණු උණු සින්ඩියක් දෙන්න. ඇත්තටම මේ සින්ඩිය අද වෙනකොට ශ්‍රීලාංකීය මාධ්‍ය අවකාශයේ ඉහලින්ම ඉන්න ජන මාධ්‍යක් වන දෙරණ මාධ්‍ය ජාලය විසින් ආරම්භකරන ලද්දක්.

2011-06-06

Micro Panda Geely Lc 1.3 කාර් එක ගැන දන්නවද ???

මේ දවස්වල කොල්ලුපිටිය ලිබර්ටි film hall එකේ පෙන්නන්න අපි කවුරුත් බලන්න ආසාවෙන් හිටිය ෆිල්ම් 1ක් නොවැ. ඒතමයි kung-Fu panda 2  film එක. ඉතින් film hall එක ලගින් යනකොට මම දැක්කා එක ඉස්සරහා හුරුබුහුටි කාර් පොඩ්ඩෙක් නවත්තල තියෙනව. ලන්වෙලා බැලින්නන් මෙන්න ඒක ඇතුලෙ පැන්ඩො දෙන්නෙකුත් ඉන්නව ..  හි හි...  බලන්ගියාම මේක අපේ රටේ කාර් කොම්පැනියෙ ඒ කියන්න micro cars කොම්පැනියෙ අලුත්ම කාර් එකේ promotion එකක්. හි හි, ඉතින් මමත් නිකන් ගන්න වගේ කාර් එකේ හැම අස්සක් මුල්ලක්ම බැලුව.

2011-06-03

පොලීසියෙන් හැම හොරෙක්ම අල්ලනවද ???


පොලීසිය කියන්න මොකක්ද කියල ඕන පොඩි එකෙක් ගෙන් ඇහුවොත් කියන්නේ හොරු අල්ලන තැන කියලනේ.
ඉතින් අපේ මාමටත් හිටිය පොලීසියේ යාළුවෙක්. මට මතකයි පොඩිකාලෙ දවසක් මම එයාගේන් ඇහුව මාමෙ කව්ද හොරු කියන්නෙ කියල. එතකොට එයා කිව්ව අනුන්ගෙ දෙයක් අයිතිකාරයට නොදන්වා , නොදැනෙන්න ගන්න අය හොරු කියල. එහෙම අයව පොලීසියෙ ඉන්න මාමල අල්ලල දඩුවම් කරනව කියලත් කිව්ව.
එහෙනම් දෙයියනේ මගේ හිත මටත් හොරෙන් අරගෙන මට උදේ හවා වදදෙන,
මේ කෙල්ලව පොලීසියෙන් අල්ලන් නැත්ත ඇයි ????
ඒ මොකද කියල ඔයාලවත් දන්නවනම් මට කියල දෙන්න කෝ ...

2011-05-30

ඔබේ පරිඝණකයටත් පණ දෙමුද?

ඉතින් යාලුවනේ අද මම ඔයාලට දේන්න යන්න තාක්ෂණික ලිපියක්. ඇත්තටම ඔයාල ආස නැත්ද ඔයාලගෙ පරිඝණකය on කරපු ගමන්ම ඔයාගෙ නම කියල ඔයාව පිලිඅරගෙන පරිඝණකයේ වර්ථමාන තත්වය ගැන ඔයාට කතාකරලම කියන පරිඝණකයක හිමිකරුවෙක් වෙන්න. පුද්ගලිකව මම නම් ආසයි. ඒක නිසාම තමයි මම මේ vb-script එක ලිව්වෙ. ඉතින් මට හිතුන ඒක ඔයාලටත් දුන්නොත් හොදයි කියල.

2011-05-29

මෙන්න විදුලි කාර් Roadster Electric Car




කාර් එකක් කියන්නෙ අද අපි කාගෙ කාගෙත් ලොකු හීනයක්නෙ, ඉතින් මම හිතුව අද සුපිරි කාර් එකක් ගැන ලියන්න. කාර් කිව්වහම අද වෙනකොට ලංකාවෙ trend එක hybrid කාර් නෙ. ඉස්සර නම් hybrid වලට tax තිබුනෙත් නැති නිසා ගොඩක් ලාබෙට ගන්නත් පුලුවන්කමක් තිබුන. ඒත් ඉතින් අද මම ලියන්නෙ සම්පූර්ණයෙන්ම electric කාර් එකක් ගැන.

2011-05-19

දිලුම් සොයුරාණනි ඔබට නිවන් සුව...!

කිසිදා දෙනෙතින්  නොදුටු ඔබ,        
සවන පමනක් වැකුනු ඔබ ඔබ,        

2011-05-15

වෙසක් සඳ

අදින් පස්සෙ ඉතින් බ්ලොග් එක පැත්තෙ එන්න වෙන්නෙ පෝය පහුවෙලා තමයි. ඉතින් මම මගේ වෙසක් පැතුම අදම දානවා.




 
වෙසක් සඳෙන් සැම සිත් පින්බර        වේවා
කුසලට මිසක් අකුසල වෙත     නොඇදේවා
ජීවිතයම කල එලි වී                   වැජබේවා
ඔබ සැම හට පින්බර වෙසඟක්           වේවා



  

මට ඉතින් කවි ලියන්න බෑ ඒත්,
මේ ඔයාල වෙනුවෙන්ම මම ලියපු කවියක්  :)  :)