2011-05-13

Facebook එකේ තියෙන, අරයගෙ Hot ඒවා දැක්කද ? ? ?

අපි නැග්ගොත් පුවක්ගහෙත් දෙබලක් නෙ. ඉදල ඉදල හොද පොස්ට් 1ක් දැම්ම විතරයි බ්ලොගර් කාරය ඒකටත් කෙලිය නොවැ(මම දැක්ක අපේ සුපර් මාරියෝ කොල්ල wordpress site එකකුත් හදල තිබුන ), අන්තිම පොස්ට් එක ආයෙත් දානව කිව්වට තාම දාලත් නෑ. හොදවෙලාවට මම හැම එකකම පෝස්ට් එකකම බැකප් එකක් තියන් ඉන්නෙ. ඔන්න ඉතින් කියවපු නැති අය වෙනුවෙන් අයෙම අන්තිම පොස්ට් එක දනව. ඒ ගමන්ම අපේ ආදරනීය බ්ලොගර් ට ආයෙත් මෙහෙම නොවේවා කියල ප්‍රාර්තණා කරනව. 

දැන් ඉතින් බ්ලොගර් හරිනේ.සෝ  මම ඔයාලට අරන් ආවා hot hot topic එකක්. හික් හික්!!  "අරයගෙ hot ඒවා දැක්කද ?? " මම මුලින්ම කියන්න ඕනෙ මෙතනට ආපු ඔයාලගෙන් 80% කට වඩා අය එන්නෙ අරයගෙ Hot ඒවා බලන්න. ඇත්තටම ඒකෙ කිසි වරදක් කියන්න බෑ.මොකද මට ඕන උනෙත් මෙන්න මේ 80% කට වැඩි පිරිස මෙතනට ගෙන්න ගන්න තමයි.මොකද එයාලට තමයි අද මම කියන්න යන කතාව ගොඩක්ම වැදගත් වෙන්නෙ.
හරි අනන් මනම් ඕනෙ නෑ. මම කෙලින්ම කතාවට බහින්නම්කෝ, මම මේ කියන්න යන්නේ අපි වැඩිදෙනෙක් යන එන Faceබුකියේ වෙන දෙයක් ගැන. ලිංගික අශාව එහෙමත් නැත්තම් SEX කියන දෙය කොයිකාටත් පොදු දෙයක්. ඇත්තම කියනවනම් මේතරම් මිනිසා ආශා කරන වෙන දෙයක් නැති තරම්. නමුත් මම අද කියන්න යන්නෙ තමන්ගෙ විවිධ අවශ‍්‍යතා ඉටුකරගන්න මිනිසාගේ හැගීම් වැරදි විදිහට භාවතා කරන එක වැරදියි කියලයි. ඔක්කොටම කලින් පහල තියෙන පිංතූර ටික බලල ඉන්නකෝ. ඔයාල ගොඩක් අය මේව දැකලත් ඇති. නමුත් නොදැකපු අයත් ඉන්න නිසා ඒ ටිකත් බලලම ඉතිරි ටික කියවමු නේද??











 
ඇත්තටම මේ තියෙන්නේ දාල තියෙන Facebook® advertisement ටිකක්. ඔයාලට පේනව නේද ඒවගෙ තියෙන දේවල්. ඇත්තටම කියනවනම් මම මේ post එකට යොදගත්ත මාතෘකාවත් ඔය වගේමනෙග. ඉතින් මම කලින් කිව්වවගේ අර 80% කට වැඩි පිරිස ඉලක්ක කරගෙන තමයි මේ advertisements දාල තියෙන්නේ. ඉතින් අපි ගොඩක් දෙනා මෙහෙම එකක් දැක්කම click කරල බලනවමනේ, ඇත්තටම ඒක ඉබේටම වගේ සිදුවන දෙයක්,එහෙම නේද? නමුත් මේක click කරාම යන්නෙ කොහෙටද?? නිකන්ම නිකන් ඕපදූප ගොඩකුයි advertisements ගොඩකුයි පිරුනු  site එකකට. (සමහරවිට ඔයාල ගිහින් නැතුව ඇති. මොකද ඔයාල හොද ලමයිනෙ:-) නමුත් පුද්ගලිකව මම click කරලතියෙනවා.හික් හික් !!!) ඉතින් මම කියන්න යන්නේ සල්ලි හම්බු කරන්න අනුන්ගෙ අශාවන් තුරුම්පු කරගන්න එක හරිම වෙරදියි කියලයි. මොකද මෙයාල මෙහෙම advertisements  දාන්නෙ එයාලගෙ site එකේ clicks වැඩිකරගන්න. මොකද clicks වැඩි වෙන තරමටනෙ advertisements වලට අයකරන ගාන වැඩිවෙන්නෙ. අනික facebook  එකේ තියෙන advertising අමුතුම කලාව නිසා මේක hit වෙනව ගොඩක් වැඩියි.(ගොඩක් අය දන්නව ඇති FB එකේ advertising කලාව ගැන. දන්නෙ නැති අය වෙනුවෙන් ඒගැන ලිපියකුත් ලගදිම දාන්නම් කෝ) මේ advertisements දාන්න කලින් මෙයාල පොඩ්ඩක්වත් හිතුවද දන්නෑ මේ දාල තියෙන පින්තූර් වල ඉන්න අයගෙ ආත්මගරුත්වය ගැන,ඒවගේම අපි දන්නවද හරියටම මේ පිංතූරවල ඉන්නෙ කවුද කියල? ස්මහරවිට මෙවත් faceබුකියෙම ඉන්න අපි කාගෙහරි අක්ක කෙනෙක්ගෙ, නංගිකෙනෙකුගෙ වෙන්න බැරිද? අනික අපේ පුන්චි රටේ ගිලිහීගෙනයන සදාචාරයට මොකද වෙන්නේ . මම නම් කියන්නෙ ඕනම මගෝඩි වැඩක් කරල සල්ලි හම්බුකරන්නේනැතුව කවුරු කවුරුත් අපේ රට ජාතිය ආගම ගැන හිතුවොත් හොදයි නේද??
ඔයාලත් මේක කියවල හිතට එන ඕනම අදහසක් යටින් ලියල යන්න.  
ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.



2011-05-06

චාමික Burger’s King ගියා වගේ.

SILLT එකේ Exam එකත් ඉවර උන නිසා දැන් ටිකක් නිදහසේ ඉන්නවා. ඉතින් මම හිතුව තවත් එක් සත්‍ය කතාවක් ඔයාලට කියන්න. ටිකක් තිත්ත උනත් ඉතින් මෙක ඇත්ත කතාවක්. අපේ SLIIT එකේ ඉන්න අයට ඉතින් කාගෙහරි Birth Day එකක් කියන්නෙ රජ මගුලක් තමයි. මම මේ කියන්න යන්නේ අපි, මගේ හොදම යාළුවෙකුගේ Birth Day එක සමරපු විදිහ තමයි.
අපේ විභාගෙ තිබුනෙ අප්‍රේල් 20 වෙනිද ඉදන් මැයි 4 වෙන්ද වෙනකන් නෙ. ඉතින් අපි ඔය විභාගෙ මැදට වැටෙන Birth Days ඔක්කොම ගන්නෙ Exam එකේ අන්තිම දවසට තමයි. ඉතින් අර මගේ හොද යාළු වගේ Birth Day එක තිබුනෙත් අප්‍රේල් 24 වෙනිද, ඉතින් අපි මේ Birth Day එක මැයි 4 වෙනිදට එකේ දී සමරන්න ලැහැස්ති උනේ මාසෙක විතර ඉදන්.
මගේ යාළුවා ගැන කියනවනම් ඔහුත් එක්තරා ආකාරයක පිස්සෙක් තමයි. මෙයාගෙ තාත්තා රජයේ පිලිගත් ආයතනයක ප්‍රධාන ඉංජිනේරු වරයෙක්. ඒවගෙම Private Bus 7ක් විතරත් තියෙනවා. මෙයාගෙ අම්මත් ප්‍රධාන පෙලේ පාසලක විදුහල්පතිනියක්.  වෙනත් විදිහකට කියනවනම් මෙයා සල්ලි නැති කෙනෙක් නෙමෙයි. ඉතින් අපි මෙයාගෙ Birth Day එක ගන්න තීරනය කරේ කියන Burger’s King  රෙස්ටුරන්ට් එකේ  (ඇත්තටම ඒකට රෙස්ටුරන්ට් එකක් කියන්න බෑ , නමුත් මම ඒකට කියන්න වෙන නමක් දන් නෑ :)..  )

හැදින්වීම ටිකක් වැඩි උනත් මගෙ ප්‍රදාන කතව වෙන්නෙ අපි ඒ රෙස්ටුරන්ට් එකට ගිය විදිහ  තමයි.
 

මේ තියෙන Map එකේ රතු පාටින් පෙන්නල තියෙන්නෙ Burger’s King  එකට යන්න පුලුවන් ලඟම පාර(තව ලඟ පාරවල් එකේ තිබුනත් ඒවා ආරක්ෂක හේතූන්මත වසා ඇත.) ඔය කලුපාටින් පෙන්නල තියෙන්නෙ අපි ගිය පාර. ඒ පාරෙ ගිය විදිහ දැන් කියන්නම් කෝ. ඔය කියනBus Halt 1 තැන වෙනකන් ඇවිදගෙන ගිය අපේ කට්ටියට එක පාරටම මහන්සියක් දැනිල Bus එකේ යන්න ඕන උනා නොවැ. ඉතින් අපි එතනින් Bus එකේ නැගල යන කොට එක්කෙනෙක් කිව්ව අ හා !!!   මේ තියෙන්නෙ තැන. මෙතනින් බහිමු කියල. අනේ ඉතින් අපි Bus Halt 2 කියන තැනින් බැස්ස නොවැ. බැහල බැලින්නම් තව දුර යන්න තියෙනවා. අපොයි......
මොනවා කරන්නද ඒ ටික ඉතින් ආයෙම පයින් තමයි. කොහොම කොහොම හරි අන්තිමට අපි Burger’s King  එකට ආවා. කොහොම හරි ඉතින් අන්තිමට 2km යන්න තිබුන ගමන 3.5 km ක්  ගිහින් තමයි නැවතුනේ.
වෙලාකට හිතෙනව පාඩුවක් උනේත් නෑ කියල. මොකද දවස් ගානකට හරියන්න කෑව.  :) :)
මේක ලියන්න පටන්ගත්ත වගේ නෙමෙයි, අන්තිම වෙනකොටනම් මටත් කම්මැලියි වගේ..  මොනව කරන්නද,මහන්සි වෙලා ලියපු එක නිසා දානව. කියවල අපරාදෙ මගෙ කාලය කියල හිතුනොත් මට බනින්න එපා හොදද.  
ඒ කොහොම උනත් මගේ අතිජාත මිත්‍ර  
චමිඳු කවින්ද්‍ර ට  සුබම සුබ උපන් දිනයක් වේවා 
කියල පරක්කු වෙලා හරි මම මේකෙ ලියනවා....

මෙන්න අපේ කට්ටිය Birth Day සමරපු හැටි.











2011-04-24

ASCII වලින් දාපු වැඩ ටිකක් බලමුද ? ASCII Arts <(^-^)>

ASCII එහෙමත් නැත්තම්  American Standard Code for Information Interchange යනු අක්ෂර කේතකරන ක්‍රමයකි, එසේත් නැතිනම් පරිඝණකය තුල අක්ෂර හඳුනාගැනීමට භාවිතා කරන ක්‍රමවේදයකි. මා අද මෙහිදී විස්තර කරන්නට යන්නේ ඒ පිළිබඳව නොවේ. ASCII රටා, එසේත් නැතිනම් විවිධ අක්ෂර යොදාගනිමින් කල නිර්මාණ කිහිපයක් පිලිබඳවය. කෙසේවෙතත් ASCII පිළිබ්ඳව වැඩි දුර දැනගැනීමට අවශ්‍යනම් මෙතනින් බලාගන්න. http://en.wikipedia.org/wiki/ASCII 

මෙන්න මම කියපු ASCII වැඩකෑලි ටිකක්. 

___________________$$$
____________________$$$$___$$$ $
__________________$$$$$$$_$$$$ $$
_________$$$$$$$$$$$$$$$$$__$$ $$
_____$$$$$$$$$$$$$$$$$$$$$$__$ $$$
____$$$$$$$$$$$$$$$$$$$$$$$$$$ $$$
___$$$_$$_$$$$$$$$$$$$$$$$_$$$ $$
__$$$$$_$$$$$$$$$$$$$$$$$$$$$$
__$$$_$$_$$$$$$$$$$$$$$$$$_$$$
__$$$_$$_$$$$$$$$___________$$ $$
_$$$$$_$$$$$$$$$$$___________$ $$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$
_$$$_$$_$$$$$$$$$$$
$_$$$$$$__$$$$$$$$$
$_$$$$$$___$$$$$$$$
_$$$$$$$$$__$$$$$$$
$_$$$$$$$$___$$$$$$
$$_$$$$$$$$___$$$$$
$$$_$$$$$$$$__$$$$$$
_$$$_$$$$$$$$$_$$$$$
$$$$$ __$$$$$$$$_$$$$
$$$$$$$ __$$$$$$$$$__$
$_$_$$$$$__$$$$$$$$$_$$$$
$$$__$$$$$__$$_$$$$$$$_$$$$
$$$$$$_$$__$$$$$$$$$$$$$$$
_$$$$$$$__$$$$$$$$$$$$$$$$
__$$$$$__$$$$$$$$$$$$$$$$$$
$__$$$__$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$____$$$$$$$$$$$$$$$$$$$$$$$$$ $
$__________$$$$$$$$$$$$$$$$$$$ $$$
$____________$$$$$$$$$$$$$$$$$ $$$$
$______________$$$$$$$$$$$$$$$ $$$$$
$_______________$$$$$$$$$$$$$$ $$$$
$_______________$$$$$$$$$$$$$$ $$$$
$____________$$$$$$$$$$$$$$$$$ $$
__________$$$$$$$$$$$$$$$$$$$$
_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$_$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$$$$$$$$$$$$$$$
$__$$$$$$$$$$$$$____$$$$$$$$$$
_$$$__$$_$$________$$$$$$$$$$$
_$$$_$$_____________$$$$$$$$$$
_$$_$$______________$$$$$$$$$$
___$$________________$$$$$$$$$ $
_$$$$________________$$$$$$$$$ $
__$$$_________________$$$$$$$$ $
$_____________________$$$$$$$$ $
$____________________$$$$$$$$$ $
$____________________$$$$$$$$$ $$
$____________________$$$$$$$$$ __$$$$$
$___________________$$$$$$$$$$ $$$$$$$$
$____________________$$$$$__$$ $$$$$$ 
























මම කලින් කිව්ව වගේ ASCII කියන්නෙ අක්ෂර කේත ක්‍රමයක් නෙ. ඉතින් Google(R) Blogger (R) එක්ක මේ රටා මවපු කේත ක්‍රමය ගැලපෙනව බොහොම අඩුයි. ඒක නිසයි පින්තූර විදිහට මෙවා දැම්මෙ.නැත්තම් විකෘර්ති වෙලයි පෙනෙන්නෙ. මේවගෙ Original ඒවා හා තව ගොඩක් වැඩකෑලි බලාගන්න මෙතනට යන්න. http://www.chris.com/ascii/  
  
කමෙන්ටුවක් දාල යන්නත් අමතක කරන්න එපා  :)  :)



2011-04-22

කුමාර සංගක්කාර සහ ඔහුගේ බිරිද ගේ කතාව :)

මේ දවස්වල යුනිවර්සිටියෙ විභාගෙ නිසා බ්ලොග් එක පැත්තේ එවෙන්නෙත් නෑ. ඉතින් ඊ-ලිපි අතරින් හොද ඒවා තමයි මේ දවස්වල දාන්නෙ.
අදත් ඔයාලට දෙන්න යන්නෙ මට ආපු ඊ-ලිපියකින් උපුටා ගත්ත එකක්.
ඔය හැමෝම දන්නවනේ මේ දවස් වල අපි ICC world cup එකත් පැරදිලා හිතේ දුකෙන්  ඉන්න බව. ඉතින් අපිට එහෙම නම් අපේ cricket team එකේ නායකය වෙච්ච  කුමාර සංගක්කාර ට ඒක කොහොම දැනෙනව ඇතිද ?
ඉතින් හිතේ තියෙන දුක නිසාම අපේ සංග ගෙයින් එලියට බහින්නෙවත් නැතුව ඉන්න කොට, සංගගෙ නෝනා කිව්වලු
 ඔහොම ඉන්නෙ නැතුව සුපර් මාකට් එකට ගිහින් එළවලු ටිකක් අරන් එන්න කියල. 
   එතකොට  සංග කිව්වලු
අනේ මට බෑ .....   දැන් මේ මැච් එකත් පැරදිල ඉන්න වෙලාවෙ  මම කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නෙ කියලා.
ටික වෙලාවක් කල්පනා කරපු සංගගේ නෝනා කිවිවලු
එහෙනම් ඔයා සාරියක් ඇදගෙන ගැහැනු කෙනෙක් වගේ යන්න.එතකොට ඔයාව කවුරුවත් අදුන ගන්න එකක් නෑකියල.

ඔන්න ඉතින් අපේ සංගත් සාරියක් එහෙම ඇදගෙන සුපර් මාකට් එකට ගියාලු.
එක පාරටම ගැහැනු කෙනෙක් ඇවිත් සංගගෙන් ඇහුවලු සංග ඔයා මොකද මෙතන කරන්නෙ කියලා
දැන් ඉතින් සංගටත් හිතාගන්න බෑ මොකද උනේ කියල.
ඉතින් සංග ඇහූවලු ඔයා කොහොමද දැනගත්තෙ“ කියල
එතකෙට අර ගැහැනු කෙනා කිව්වලු යකෝ මම මහේල  කියලා

:)  :)  :)

මෙය සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක් වන අතර හුදෙක් විනෝදය සදහා 
පමණක් රචිත ප්‍රබන්දයකි.

අපි අපේ ක්‍රිකට් විරුවන්ට සදා ගෞරව කරමු.

2011-04-17

ඊ-ලිපි අතරින් - ඉංගිරීසී අකුරු 26 යේ සිංහල කථාව

Aකාලේ නුවර එළියේ විතරයි
Bට්රූට් වගා කලේ.
Cමිත ඉඩ ප්‍රමාණයක් තිබුණේ.නමුත්
Dසල් මිලත් අහසට
Eය විදිනවා වහේ ඉහළ යනකොට
Fඅකුරු මොනවා කරන්නද?
Gවත් වෙන්න නම් ගොවිතැන අතෑරලා
Hආර් ජෝතිපාල වගේ සිංදු කියන
Iයා කෙනෙක් වෙන්න කියලා
Jමිස් අයියට කියන්න ඕනේ.එතකොට
Kසර සිංහයා වගේ ඉන්න පුළුවන්.නමුත් 
Lලිලා ඉන්නේ නැතුව
Mඑස් ප්‍රනාන්දු වගේ බයිලා කියලා ඉදිරියට
Nනට වාසනාව තියනවා.
Oගන් ගහනවා නම්
Pටර් මල්ලි 
Qවා චාන්ස් තියනවා කියලා.
Rය්‍ය ශාක්‍ය ලීලාවෙන්
Sඑම්එස් ගහන කාලේ
Tඑකක් ගහලා
Uරියා පොහොර ගහලා
V වගා කරන අපේ සීයා කෙනෙක්ව
Wපීසී කෙනෙක් උස්සගෙන ගිහිං ගහලා,
Xරේ එකකුත් ගන්න වෙලාලු.ඒත්
Yර කරන්න එපා කියන
Z ගහපු අයත් ඉන්නවා..

2011-04-14

මේ අවුරුදු කාලේ, හිනා වෙයන් රාලේ, තේල් ඉහිරුනු කැවුම් ගෙඩිය වාගේ....

ලැබුවා වූ සිංහල, හින්දු අලුත් අවුරුද්ද,
ඔබ සැමට,
සාමය සතුට පිරි,
කිරියෙන් පැණියෙන් ඉතිරුණු 
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...

2010-11-26

iPad ට අභියෝගයක්

ලැප්ටොප්(Laptop) පරිඝණක මෙලොවට බිහිවී දැනට වසර 10 කට මඳක් වැවිය. පාම්ටොප් (Palmtop)පරිඝණක තවමත් බිහිවී වසර 3ක් වත් නැති තරම්ය. එහෙත් පාම්ටොප්(Palmtop) පරිඝණක අදවනවිට දහස් ගණනින් භාවිතා වෙමින් පවතී. නමුත් වෙළඳපොලට පැමිනෙනෙ සෑම පාම්ටොප්(Palmtop) පරිඝණකයක්ම වෙළඳපොල ජය නොගනී. එයට හේතු ගනනාවකි. ඒ අතරින් නවතම තාක්ෂණය(Latest Technology) ,ලාලිත්‍යය(Style) ,භාවිතයට පහසුබව (User Friendliness)  වැනි දේ මූලික වේ. 

මෑතකාලීනව පාම්ටොප්(Palmtop) ලොව නවතම පෙරලිය සිදුකරනු ලැබුවේ ඇපල් කොම්පියුටර් පුද්ගලික සමාගම මගින් නිපදවනු ලැබූ Apple iPad පාම්ටොප්(Palmtop) පරිඝණකයයි. නමුත් අද වනවිට පාම්ටොප්(Palmtop) ලොව නවතම පෙරලිය වූ  iPad පරිඝණකයට අභියෝග කලහැකි යන්ත්‍රයක් වෙලඳපොලට අවතීරණය වී තිබේ. 

එය ටොශිබා සමාඟම හඳුන්වාදුන්  Toshiba Libretto W100 නම් ලොව ප්‍රථම ද්විත්ව තිර පාම්ටොප් (Palmtop) පරිඝණක යයි. Toshiba Libretto W100 පරිඝණකයේ විශේෂත්වයන් බොහොමයකි. ඒ අතරින් ද්විත්වතිර සැලසුම. වෙබ් කැම් පහසුකම, අඩු බර, දිගු කාලයක් ජවය ලබාදියහැකි කෝෂ පද්ධතිය දැක්විය හැකියි.

මෙම පරිඝණකයේ තාක්ෂණික විස්ථර පහත පරිදි වේ. 
තිරය                                 :-   Dual 7.0-inch diagonal multi-touch displays7 (1024 x 600)
යතුරු පුවරුව                     :-  6-mode virtual keyboard with haptic response
මෙහෙයුම් පද්ධතිය           :-  Windows® 7 Home Premium operating system
ප්‍රොසෙසරය                       :-  Intel® Pentium® U5400 processor1 (1.2GHz)
රැම් මතකය                        :-  2GB DDR3 memory2
ප්‍රධාන මතකය                    :-  62GB Solid State Drive3
වෙබ් කැම්                          :-  1.0 megapixel HD Webcam with Toshiba Face Recognition
රැහැන් රහිත ජාලකරණය  :-  802.11 b/g/n wireless4
බ්ලූටූත් සම්බන්දය            :-  Bluetooth 2.1+EDR5
වෙනත් පහසුකම්              :-  MicroSD card slot
                                         :-  One USB 2.0 port
                                         :-  TOSHIBA Bulletin Board, ReelTime™ and PC Health Monitor 

                                              software
කෝෂය                            :-  8-cell battery
විශාලත්වය                       :-7.95” (W) x 4.84”(D) x 1.2”(H)
බර                                    :-1.8 lbs.6





පින්තූර

































 





 මේ පරිඝණකය ගැන ඔයගොල්ලන්ගෙ අදහසුත් දාන්න. ඒව හරි වටිනව නොවැ :)