2010-11-12

වදුරෙකුට දැලි පිහියක් අසුවුනා... චාමිකගේ බ්ලොග් එක ඇරඹුනා....


ඇත්තටම වදුරෙකුට දැලිපිහියක් අහුවුනාම මොකද වෙන්නෙ ??? :)

ඒ වෙන දේ ඔයගොල්ලන්ට තව දවසක් දෙකක් මේ බ්ලොග් එක පැත්තෙ අවොත් බලාගන්න පුලුවන් වෙයි. මොකද මම එහෙම කිව්වෙ, මම ඒ ප්‍රස්තා පිරුළු චාමිකට බ්ලොග් එකක් අහුවුනා වගේ කියල තව ටික දවසක් ඇතුලත වෙනස් කරන්නයි යන්නෙ...

හික් හික් හික්...  හිනායන් නැද්ද??? එහෙනම් හිනා වෙන්න උත්සාහ කරන්න එපා.. වෙලාවක් තියෙනවනම් ඉතිරි ටිකත් කියවන්න නැත්තම් මේ පිටුව වහල දාන්න. :)




.... හරි හරි...

චාමිකගේ බ්ලොග් එක, එහෙමත් නැත්තම් මේ බ්ලොග් අඩවිය තමයි මම මුලින්ම පටන්ගත්ත බ්ලොග් අඩවිය. ඇත්තම කියනවනම් අර අල්ල්පුගෙදරට ෆ්‍රිජ් එකක් ගෙනාවම අපිත් ෆ්‍රිජ් එකක් ගේනව වගේ වැඩක් තමයි මෙක.මටත් මේ බ්ලොග් අඩවිය පටන්ගන්න හිතුනේ මම දන්න කියන ගොඩක් අයට තමන්ගෙම කියල බ්ලොග් එකක් තියෙන නිසා.. නිකන් දෙනවනම් හෙම්බිරිස්සාව උනත් අරගන්න මිනිස්සු ඉන්න රටේ ජීවත්වෙන නිසා මමත් ගූගල් ආයතනය නොමිලේම දෙන බ්ලොගෙර් සේවාව ලබාගෙන මගේම කියල බ්ලොග් එකක් හදාගත්තා. ඒත් ඉතින් මම බ්ලොගින් ගැන මුකුත් දන් නෑනෙ එකනිසා  හිශාන් මෙලන්ග අයියාගෙ මගේ කාලය බ්ලොග් එක බලාගෙන තමයි මේක හැදුවෙ. ඉතින් හිශාන් අයියට ගොඩාක් ස්තූතියි.. ඒ වගේම තමයි මේක කියවපු ඔයාටත් ගොඩක් ස්තූතියි. ඔය දකුණුපැත්තෙ තියෙන නිල කියවන්නො කියන බොත්තම ඔබල ඔබටත් මේ බ්ලොග් එකේ සාමාජිකයෙක් වෙන්න කියලා මම සුහද ආරාධණාවක් කරනවා..

මාගේ කතාව මේයින් අවසානයි.
අසා සිටි ඔබ සැමට ස්තූතියි..



පසුව ලියමි.

ඔබේ අදහස් පහසුවෙන් සිංහලෙන් සදහන් කිරීමට,
යුනිකෝඩ් එසැණිනි පරිවර්තකය යොදාගන්න. 

http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html