2011-05-29

මෙන්න විදුලි කාර් Roadster Electric Car




කාර් එකක් කියන්නෙ අද අපි කාගෙ කාගෙත් ලොකු හීනයක්නෙ, ඉතින් මම හිතුව අද සුපිරි කාර් එකක් ගැන ලියන්න. කාර් කිව්වහම අද වෙනකොට ලංකාවෙ trend එක hybrid කාර් නෙ. ඉස්සර නම් hybrid වලට tax තිබුනෙත් නැති නිසා ගොඩක් ලාබෙට ගන්නත් පුලුවන්කමක් තිබුන. ඒත් ඉතින් අද මම ලියන්නෙ සම්පූර්ණයෙන්ම electric කාර් එකක් ගැන.

Tesla කිව්වහම ගොඩක් දෙනා දන්නව ඇති මොකද අද වෙනකොට ලෝකයේ electric කාර් අතරින් ඉදිරියෙන්ම ඉන්නෙ Tesla සමාගම තමයි. අද ලියන්නෙ Tesla roadster කාර් එක ගැන.
ඇත්තටම මේ කාර් එක දැක්ක ගමන් මතක් හිතෙන්නෙ Ferrariයක් කියල තමයි. මොකද මේ කාර් එක ඒතරමටම sports look එකක් තියෙන කාර් එකක් නිසා. ඒවගේම තමයි මේකෙ හැකියාවනුත් Sports කාර් එකකට දෙවෙනි වෙන් නෑ. 

අශ්වබල 288 (215 kW) at 5,000-6,000 rpm මෝටරයකින් බලගැන්වෙන මෙමෙ කාරයට තත්පර 3.7ක් තුල 96.56kmph (60 mph) වේගයට ලඟාවිය හැකියි. තනි වේග ගියර පෙට්ටියක් සහිත මෙමෙ කාරයට 200kmph උපරිම වෙගයක් ලබාගත හැකියි. ඒ වගේම electric කාර් එකක් නිසා බැටරිය ගැන කත නොකරම බෑ. මෙහි භාවිතා වෙන්නෙ මයික්‍රොප්‍රොසෙසරයකින් පාලනයවෙන cell 6831 ඇති ලිතියම් අයන් (lithium-ion) වර්ගයේ බැටරියක්. Tesla High Power Wall Connector එක භාවිතයෙන් දී පැය 3.5 කදී මෙම බැටරිය සම්පූර්ණයෙන් ම ආරෝපණය කල හැකියි.තවද ශීත කාලගුණ තත්වයන්දී ආරෝපණය සදහා තාපකයක්ද මෙහි අඩංගු වෙනව.

කාරයේ හැඩරුව ගැන කතාකරනවනම් මේ කාරය ඔයාට ඕන ආකාරයේ අමුද්‍රව්‍ය තෝරාගෙන නිමවාගන්න පහසුකම් සපයා තියෙනව.
ඔයාට ඕන විදිහට කාර් එක හදාගන්න link එකක් පහලින් දාල ඇති. :)

කාර් එකේ මිල ගැන ආයෙ ඉතින් කියන්න දෙයක් නෑනෙ. ඒකත් ඔයා කාර් එකට කරන වෙනස්කම් අනුව වෙනස් වෙනව. මම තියෙන සෑම පහසුකමක්ම සහිතව කාර් එකක් හැදුව ඒක $ 16 8000 (මිලියන 18.5) ක් විතර උනා. ඔයාලත් ඔයාලට ඕන විදිහෙ කාර් එකක් හදාගෙන ඒකෙ ගාන බලාගන්නකෝ.







 එහෙනම් කොමෙන්ටුවක් දාලයන්නත් අමතක කරන්න එපා .
ඒ වගේම මගේ බ්ලොග් එක වටිනව කියල හිතෙනවනම් Follow පාරකුත් දාන්න :)

කාර් එක ගැන වැඩි විස්තර මෙතනින් ලබාගන්න
ඔයාට ඕන විදිහට මෙතනින් කාර් එක හදාගන්න.