Showing posts with label අනන් මනන්. Show all posts
Showing posts with label අනන් මනන්. Show all posts

2011-08-10

ගැහැනිය සහ ATM යන්ත්‍රය :)


ඔන්න ගොඩක් කාලෙකින් ආවා තවත් පට්ටම පට්ට ඊ-ලිපිය්ක එක්ක. කියවල බලල කොමෙන්ට් එකක් එහෙමත් දාල යන්න කෝ  :)  :) 

නගරයේ ඇති හොඳම බැංකුවේ ATM මැෂිම අසල මෙම නිවේදනය දක්නට ලැබින.


"ළඟදීම,..."


"ඔබට වාහනයේ සිටම මුදල් ආපසු ලබා ගැනිමේ ATM යන්ත්‍රයක සේවාව හඳුන්වාදෙන
බව සියළු ගනුදෙනුකරුවන් වෙත ඉතා ප්‍රීතියෙන් දැනුම් දෙමු... එමගින් මුදල්
ලබාගැනීමට පහත සඳහන් ක්‍රියා පිළිවෙල අනුගමනය කරන්න"

2011-07-25

She sells, her self. But please let her be ........

සති ගානකින් බ්ලොග් පෝස්ට් එකක් දාන්න තියා බ්ලොග් එකක් කියවන්නවත් බැරිඋනා.. ඉතින් ඔන්න අද බුකියට ලොග් උන වෙලාවෙයි දැක්කේ මගේ සහෝදර "The Lankan Gara-Yaka" අලුත් බ්ලොග් පෝස්ට් එකක් දාලා කියල.. ඉතින් ඒක කියවල ඉවරවුනාම මට හිතුනා මේක අනිත් අයත් එක්ක බේදාගන්නවනම් හොදයි කියල...  
නමුත් මේ පෝස්ට් එක 18+

2011-07-04

මැජික් පිටුපස මැජික් එක :)
















මිනිසා දන්නවා...
ලොකය සරල බව,
එය ඉතා කාලකන්ණි බව,
සෑම ආකාරයකින්ම ඝන බව...                                                            
නමුත්.....
නමුත් ඔබට හැකිනම් ඔවුන්ව මෝඩයන් කරන්න..
ඔව්..මෝඩයන් කරන්න..
එක මොහොතකට හරි.
එතකොට ඔබට දැකගන්න පුලුවන්,
හරි විශේෂ දෙයක්..
ඒ තමයි ඔවුන්ගේ බැල්ම....
ඔවුන්ගේ මුහුණේ ඇතිවෙන බැල්ම....
ඔවුන් හොදින්ම දන්නවා...
ඔවුන් මෝඩයන් වූ බව
නමුත් ඔවුන්ගේ මුහුණු පවසන්නේ කුමක්ද ??
ඔවුන් සිතන්නේ කුමක්ද ??
ඔබ.
ඔව්,ඔබ..
ඔවුන්ව දැන දැනම,
මෝඩයන් කරන්නට තරම් හපනෙකු වූ බව නොවේද?? 
--------------------------------------------------------------


ආ.. දැන් එහෙම නෙවෙයිද ??  :)   :)




2011-06-28

බදුල්ලේ ඉදන් බණ්ඩාරවෙලට බස් එකේ ගිහින් තියෙනවද ??

අදනම් දාන්න යන්නේ පොටෝ පෝස්ට් එකක්. ඇත්තටම මේක මට යාලුවෙක් එව්ව ඊ-මේල් එකක්. දැක්ක ගමන් මට හිතුනා මේක මගේ බ්ලොග් යාළුවොත් එක්ක බෙදාගන්න තරම් වටින දෙයක් කියලා. මොකද මේ පින්තූර් ටික මට, මගේ රට ගැන හරිම අභිමානයක් ඇතිකරා. ඇත්තටම මත තවමත් හිතාගන්න බෑ මගේ රට කොයිතරම් සුන්දරද කියල :) 
එහෙනම් කතා ඇති. දැන් ඔයගොල්ලත් මේ පින්තූර ටික බලල හිතෙන දේවල් පහලින් ලියල යන්නකෝ.

 
 





2011-06-26

එස් බී මාමාගෙ නායකත්ව පුහුනුව පට්ටයිලු ඕයි !!!


පහුගිය ටිකේම අපිට මේ එස් බී මමගේ නායකත්ව පුහුනුව ගැන එක එක ඒවා අහන ලැබුන නොවැ. ඉතින් මමත් මේකෙ ඇත්ත නැත්ත දැන ගන්න බොහොම ආසවෙන් හිටියෙ.

2011-06-11

ශ්‍රීලාංකීය බ්ලොග් කලාවේ අලුත්ම පෙරලිය.


මේ ලිපිය ලියන්නෙ ඇත්තටම මට හරි සතුටු වෙලාවක. මගේ බ්ලොග් එකට, අහෙමත් නැත්තම් චාමිකගේ බ්ලොග් එකට මාස 7ක් තුල 10000කට වඩා පිරිසක් ඇවිත් තියෙනවා. ඉතින් සතුටු නැත්ද ??  හි හි.
මේ ඇත්තටම බ්ලොග් එකකට පාඨකයන් එන්න නම් බ්ලොග් ලියන කලාවෙ වගේම බ්ලොග් එකට තියෙන ප්‍රචාරයත් ගොඩක් වටිනවා. අන්න එතනදි තමයි බ්ලොස් සින්ඩිකේටර් වල සහය අපිට ගොඩාක් වට්න්නේ. ඉතින් අද මම හිතුව ඔයාලට උණු උණු සින්ඩියක් දෙන්න. ඇත්තටම මේ සින්ඩිය අද වෙනකොට ශ්‍රීලාංකීය මාධ්‍ය අවකාශයේ ඉහලින්ම ඉන්න ජන මාධ්‍යක් වන දෙරණ මාධ්‍ය ජාලය විසින් ආරම්භකරන ලද්දක්.

2011-06-06

Micro Panda Geely Lc 1.3 කාර් එක ගැන දන්නවද ???

මේ දවස්වල කොල්ලුපිටිය ලිබර්ටි film hall එකේ පෙන්නන්න අපි කවුරුත් බලන්න ආසාවෙන් හිටිය ෆිල්ම් 1ක් නොවැ. ඒතමයි kung-Fu panda 2  film එක. ඉතින් film hall එක ලගින් යනකොට මම දැක්කා එක ඉස්සරහා හුරුබුහුටි කාර් පොඩ්ඩෙක් නවත්තල තියෙනව. ලන්වෙලා බැලින්නන් මෙන්න ඒක ඇතුලෙ පැන්ඩො දෙන්නෙකුත් ඉන්නව ..  හි හි...  බලන්ගියාම මේක අපේ රටේ කාර් කොම්පැනියෙ ඒ කියන්න micro cars කොම්පැනියෙ අලුත්ම කාර් එකේ promotion එකක්. හි හි, ඉතින් මමත් නිකන් ගන්න වගේ කාර් එකේ හැම අස්සක් මුල්ලක්ම බැලුව.

2011-06-03

පොලීසියෙන් හැම හොරෙක්ම අල්ලනවද ???


පොලීසිය කියන්න මොකක්ද කියල ඕන පොඩි එකෙක් ගෙන් ඇහුවොත් කියන්නේ හොරු අල්ලන තැන කියලනේ.
ඉතින් අපේ මාමටත් හිටිය පොලීසියේ යාළුවෙක්. මට මතකයි පොඩිකාලෙ දවසක් මම එයාගේන් ඇහුව මාමෙ කව්ද හොරු කියන්නෙ කියල. එතකොට එයා කිව්ව අනුන්ගෙ දෙයක් අයිතිකාරයට නොදන්වා , නොදැනෙන්න ගන්න අය හොරු කියල. එහෙම අයව පොලීසියෙ ඉන්න මාමල අල්ලල දඩුවම් කරනව කියලත් කිව්ව.
එහෙනම් දෙයියනේ මගේ හිත මටත් හොරෙන් අරගෙන මට උදේ හවා වදදෙන,
මේ කෙල්ලව පොලීසියෙන් අල්ලන් නැත්ත ඇයි ????
ඒ මොකද කියල ඔයාලවත් දන්නවනම් මට කියල දෙන්න කෝ ...

2011-05-29

මෙන්න විදුලි කාර් Roadster Electric Car




කාර් එකක් කියන්නෙ අද අපි කාගෙ කාගෙත් ලොකු හීනයක්නෙ, ඉතින් මම හිතුව අද සුපිරි කාර් එකක් ගැන ලියන්න. කාර් කිව්වහම අද වෙනකොට ලංකාවෙ trend එක hybrid කාර් නෙ. ඉස්සර නම් hybrid වලට tax තිබුනෙත් නැති නිසා ගොඩක් ලාබෙට ගන්නත් පුලුවන්කමක් තිබුන. ඒත් ඉතින් අද මම ලියන්නෙ සම්පූර්ණයෙන්ම electric කාර් එකක් ගැන.

2011-05-13

Facebook එකේ තියෙන, අරයගෙ Hot ඒවා දැක්කද ? ? ?

අපි නැග්ගොත් පුවක්ගහෙත් දෙබලක් නෙ. ඉදල ඉදල හොද පොස්ට් 1ක් දැම්ම විතරයි බ්ලොගර් කාරය ඒකටත් කෙලිය නොවැ(මම දැක්ක අපේ සුපර් මාරියෝ කොල්ල wordpress site එකකුත් හදල තිබුන ), අන්තිම පොස්ට් එක ආයෙත් දානව කිව්වට තාම දාලත් නෑ. හොදවෙලාවට මම හැම එකකම පෝස්ට් එකකම බැකප් එකක් තියන් ඉන්නෙ. ඔන්න ඉතින් කියවපු නැති අය වෙනුවෙන් අයෙම අන්තිම පොස්ට් එක දනව. ඒ ගමන්ම අපේ ආදරනීය බ්ලොගර් ට ආයෙත් මෙහෙම නොවේවා කියල ප්‍රාර්තණා කරනව. 

දැන් ඉතින් බ්ලොගර් හරිනේ.සෝ  මම ඔයාලට අරන් ආවා hot hot topic එකක්. හික් හික්!!  "අරයගෙ hot ඒවා දැක්කද ?? " මම මුලින්ම කියන්න ඕනෙ මෙතනට ආපු ඔයාලගෙන් 80% කට වඩා අය එන්නෙ අරයගෙ Hot ඒවා බලන්න. ඇත්තටම ඒකෙ කිසි වරදක් කියන්න බෑ.මොකද මට ඕන උනෙත් මෙන්න මේ 80% කට වැඩි පිරිස මෙතනට ගෙන්න ගන්න තමයි.මොකද එයාලට තමයි අද මම කියන්න යන කතාව ගොඩක්ම වැදගත් වෙන්නෙ.
හරි අනන් මනම් ඕනෙ නෑ. මම කෙලින්ම කතාවට බහින්නම්කෝ, මම මේ කියන්න යන්නේ අපි වැඩිදෙනෙක් යන එන Faceබුකියේ වෙන දෙයක් ගැන. ලිංගික අශාව එහෙමත් නැත්තම් SEX කියන දෙය කොයිකාටත් පොදු දෙයක්. ඇත්තම කියනවනම් මේතරම් මිනිසා ආශා කරන වෙන දෙයක් නැති තරම්. නමුත් මම අද කියන්න යන්නෙ තමන්ගෙ විවිධ අවශ‍්‍යතා ඉටුකරගන්න මිනිසාගේ හැගීම් වැරදි විදිහට භාවතා කරන එක වැරදියි කියලයි. ඔක්කොටම කලින් පහල තියෙන පිංතූර ටික බලල ඉන්නකෝ. ඔයාල ගොඩක් අය මේව දැකලත් ඇති. නමුත් නොදැකපු අයත් ඉන්න නිසා ඒ ටිකත් බලලම ඉතිරි ටික කියවමු නේද??











 
ඇත්තටම මේ තියෙන්නේ දාල තියෙන Facebook® advertisement ටිකක්. ඔයාලට පේනව නේද ඒවගෙ තියෙන දේවල්. ඇත්තටම කියනවනම් මම මේ post එකට යොදගත්ත මාතෘකාවත් ඔය වගේමනෙග. ඉතින් මම කලින් කිව්වවගේ අර 80% කට වැඩි පිරිස ඉලක්ක කරගෙන තමයි මේ advertisements දාල තියෙන්නේ. ඉතින් අපි ගොඩක් දෙනා මෙහෙම එකක් දැක්කම click කරල බලනවමනේ, ඇත්තටම ඒක ඉබේටම වගේ සිදුවන දෙයක්,එහෙම නේද? නමුත් මේක click කරාම යන්නෙ කොහෙටද?? නිකන්ම නිකන් ඕපදූප ගොඩකුයි advertisements ගොඩකුයි පිරුනු  site එකකට. (සමහරවිට ඔයාල ගිහින් නැතුව ඇති. මොකද ඔයාල හොද ලමයිනෙ:-) නමුත් පුද්ගලිකව මම click කරලතියෙනවා.හික් හික් !!!) ඉතින් මම කියන්න යන්නේ සල්ලි හම්බු කරන්න අනුන්ගෙ අශාවන් තුරුම්පු කරගන්න එක හරිම වෙරදියි කියලයි. මොකද මෙයාල මෙහෙම advertisements  දාන්නෙ එයාලගෙ site එකේ clicks වැඩිකරගන්න. මොකද clicks වැඩි වෙන තරමටනෙ advertisements වලට අයකරන ගාන වැඩිවෙන්නෙ. අනික facebook  එකේ තියෙන advertising අමුතුම කලාව නිසා මේක hit වෙනව ගොඩක් වැඩියි.(ගොඩක් අය දන්නව ඇති FB එකේ advertising කලාව ගැන. දන්නෙ නැති අය වෙනුවෙන් ඒගැන ලිපියකුත් ලගදිම දාන්නම් කෝ) මේ advertisements දාන්න කලින් මෙයාල පොඩ්ඩක්වත් හිතුවද දන්නෑ මේ දාල තියෙන පින්තූර් වල ඉන්න අයගෙ ආත්මගරුත්වය ගැන,ඒවගේම අපි දන්නවද හරියටම මේ පිංතූරවල ඉන්නෙ කවුද කියල? ස්මහරවිට මෙවත් faceබුකියෙම ඉන්න අපි කාගෙහරි අක්ක කෙනෙක්ගෙ, නංගිකෙනෙකුගෙ වෙන්න බැරිද? අනික අපේ පුන්චි රටේ ගිලිහීගෙනයන සදාචාරයට මොකද වෙන්නේ . මම නම් කියන්නෙ ඕනම මගෝඩි වැඩක් කරල සල්ලි හම්බුකරන්නේනැතුව කවුරු කවුරුත් අපේ රට ජාතිය ආගම ගැන හිතුවොත් හොදයි නේද??
ඔයාලත් මේක කියවල හිතට එන ඕනම අදහසක් යටින් ලියල යන්න.  
ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.



2011-05-06

චාමික Burger’s King ගියා වගේ.

SILLT එකේ Exam එකත් ඉවර උන නිසා දැන් ටිකක් නිදහසේ ඉන්නවා. ඉතින් මම හිතුව තවත් එක් සත්‍ය කතාවක් ඔයාලට කියන්න. ටිකක් තිත්ත උනත් ඉතින් මෙක ඇත්ත කතාවක්. අපේ SLIIT එකේ ඉන්න අයට ඉතින් කාගෙහරි Birth Day එකක් කියන්නෙ රජ මගුලක් තමයි. මම මේ කියන්න යන්නේ අපි, මගේ හොදම යාළුවෙකුගේ Birth Day එක සමරපු විදිහ තමයි.
අපේ විභාගෙ තිබුනෙ අප්‍රේල් 20 වෙනිද ඉදන් මැයි 4 වෙන්ද වෙනකන් නෙ. ඉතින් අපි ඔය විභාගෙ මැදට වැටෙන Birth Days ඔක්කොම ගන්නෙ Exam එකේ අන්තිම දවසට තමයි. ඉතින් අර මගේ හොද යාළු වගේ Birth Day එක තිබුනෙත් අප්‍රේල් 24 වෙනිද, ඉතින් අපි මේ Birth Day එක මැයි 4 වෙනිදට එකේ දී සමරන්න ලැහැස්ති උනේ මාසෙක විතර ඉදන්.
මගේ යාළුවා ගැන කියනවනම් ඔහුත් එක්තරා ආකාරයක පිස්සෙක් තමයි. මෙයාගෙ තාත්තා රජයේ පිලිගත් ආයතනයක ප්‍රධාන ඉංජිනේරු වරයෙක්. ඒවගෙම Private Bus 7ක් විතරත් තියෙනවා. මෙයාගෙ අම්මත් ප්‍රධාන පෙලේ පාසලක විදුහල්පතිනියක්.  වෙනත් විදිහකට කියනවනම් මෙයා සල්ලි නැති කෙනෙක් නෙමෙයි. ඉතින් අපි මෙයාගෙ Birth Day එක ගන්න තීරනය කරේ කියන Burger’s King  රෙස්ටුරන්ට් එකේ  (ඇත්තටම ඒකට රෙස්ටුරන්ට් එකක් කියන්න බෑ , නමුත් මම ඒකට කියන්න වෙන නමක් දන් නෑ :)..  )

හැදින්වීම ටිකක් වැඩි උනත් මගෙ ප්‍රදාන කතව වෙන්නෙ අපි ඒ රෙස්ටුරන්ට් එකට ගිය විදිහ  තමයි.
 

මේ තියෙන Map එකේ රතු පාටින් පෙන්නල තියෙන්නෙ Burger’s King  එකට යන්න පුලුවන් ලඟම පාර(තව ලඟ පාරවල් එකේ තිබුනත් ඒවා ආරක්ෂක හේතූන්මත වසා ඇත.) ඔය කලුපාටින් පෙන්නල තියෙන්නෙ අපි ගිය පාර. ඒ පාරෙ ගිය විදිහ දැන් කියන්නම් කෝ. ඔය කියනBus Halt 1 තැන වෙනකන් ඇවිදගෙන ගිය අපේ කට්ටියට එක පාරටම මහන්සියක් දැනිල Bus එකේ යන්න ඕන උනා නොවැ. ඉතින් අපි එතනින් Bus එකේ නැගල යන කොට එක්කෙනෙක් කිව්ව අ හා !!!   මේ තියෙන්නෙ තැන. මෙතනින් බහිමු කියල. අනේ ඉතින් අපි Bus Halt 2 කියන තැනින් බැස්ස නොවැ. බැහල බැලින්නම් තව දුර යන්න තියෙනවා. අපොයි......
මොනවා කරන්නද ඒ ටික ඉතින් ආයෙම පයින් තමයි. කොහොම කොහොම හරි අන්තිමට අපි Burger’s King  එකට ආවා. කොහොම හරි ඉතින් අන්තිමට 2km යන්න තිබුන ගමන 3.5 km ක්  ගිහින් තමයි නැවතුනේ.
වෙලාකට හිතෙනව පාඩුවක් උනේත් නෑ කියල. මොකද දවස් ගානකට හරියන්න කෑව.  :) :)
මේක ලියන්න පටන්ගත්ත වගේ නෙමෙයි, අන්තිම වෙනකොටනම් මටත් කම්මැලියි වගේ..  මොනව කරන්නද,මහන්සි වෙලා ලියපු එක නිසා දානව. කියවල අපරාදෙ මගෙ කාලය කියල හිතුනොත් මට බනින්න එපා හොදද.  
ඒ කොහොම උනත් මගේ අතිජාත මිත්‍ර  
චමිඳු කවින්ද්‍ර ට  සුබම සුබ උපන් දිනයක් වේවා 
කියල පරක්කු වෙලා හරි මම මේකෙ ලියනවා....

මෙන්න අපේ කට්ටිය Birth Day සමරපු හැටි.