2011-05-13

Facebook එකේ තියෙන, අරයගෙ Hot ඒවා දැක්කද ? ? ?

අපි නැග්ගොත් පුවක්ගහෙත් දෙබලක් නෙ. ඉදල ඉදල හොද පොස්ට් 1ක් දැම්ම විතරයි බ්ලොගර් කාරය ඒකටත් කෙලිය නොවැ(මම දැක්ක අපේ සුපර් මාරියෝ කොල්ල wordpress site එකකුත් හදල තිබුන ), අන්තිම පොස්ට් එක ආයෙත් දානව කිව්වට තාම දාලත් නෑ. හොදවෙලාවට මම හැම එකකම පෝස්ට් එකකම බැකප් එකක් තියන් ඉන්නෙ. ඔන්න ඉතින් කියවපු නැති අය වෙනුවෙන් අයෙම අන්තිම පොස්ට් එක දනව. ඒ ගමන්ම අපේ ආදරනීය බ්ලොගර් ට ආයෙත් මෙහෙම නොවේවා කියල ප්‍රාර්තණා කරනව. 

දැන් ඉතින් බ්ලොගර් හරිනේ.සෝ  මම ඔයාලට අරන් ආවා hot hot topic එකක්. හික් හික්!!  "අරයගෙ hot ඒවා දැක්කද ?? " මම මුලින්ම කියන්න ඕනෙ මෙතනට ආපු ඔයාලගෙන් 80% කට වඩා අය එන්නෙ අරයගෙ Hot ඒවා බලන්න. ඇත්තටම ඒකෙ කිසි වරදක් කියන්න බෑ.මොකද මට ඕන උනෙත් මෙන්න මේ 80% කට වැඩි පිරිස මෙතනට ගෙන්න ගන්න තමයි.මොකද එයාලට තමයි අද මම කියන්න යන කතාව ගොඩක්ම වැදගත් වෙන්නෙ.
හරි අනන් මනම් ඕනෙ නෑ. මම කෙලින්ම කතාවට බහින්නම්කෝ, මම මේ කියන්න යන්නේ අපි වැඩිදෙනෙක් යන එන Faceබුකියේ වෙන දෙයක් ගැන. ලිංගික අශාව එහෙමත් නැත්තම් SEX කියන දෙය කොයිකාටත් පොදු දෙයක්. ඇත්තම කියනවනම් මේතරම් මිනිසා ආශා කරන වෙන දෙයක් නැති තරම්. නමුත් මම අද කියන්න යන්නෙ තමන්ගෙ විවිධ අවශ‍්‍යතා ඉටුකරගන්න මිනිසාගේ හැගීම් වැරදි විදිහට භාවතා කරන එක වැරදියි කියලයි. ඔක්කොටම කලින් පහල තියෙන පිංතූර ටික බලල ඉන්නකෝ. ඔයාල ගොඩක් අය මේව දැකලත් ඇති. නමුත් නොදැකපු අයත් ඉන්න නිසා ඒ ටිකත් බලලම ඉතිරි ටික කියවමු නේද??











 
ඇත්තටම මේ තියෙන්නේ දාල තියෙන Facebook® advertisement ටිකක්. ඔයාලට පේනව නේද ඒවගෙ තියෙන දේවල්. ඇත්තටම කියනවනම් මම මේ post එකට යොදගත්ත මාතෘකාවත් ඔය වගේමනෙග. ඉතින් මම කලින් කිව්වවගේ අර 80% කට වැඩි පිරිස ඉලක්ක කරගෙන තමයි මේ advertisements දාල තියෙන්නේ. ඉතින් අපි ගොඩක් දෙනා මෙහෙම එකක් දැක්කම click කරල බලනවමනේ, ඇත්තටම ඒක ඉබේටම වගේ සිදුවන දෙයක්,එහෙම නේද? නමුත් මේක click කරාම යන්නෙ කොහෙටද?? නිකන්ම නිකන් ඕපදූප ගොඩකුයි advertisements ගොඩකුයි පිරුනු  site එකකට. (සමහරවිට ඔයාල ගිහින් නැතුව ඇති. මොකද ඔයාල හොද ලමයිනෙ:-) නමුත් පුද්ගලිකව මම click කරලතියෙනවා.හික් හික් !!!) ඉතින් මම කියන්න යන්නේ සල්ලි හම්බු කරන්න අනුන්ගෙ අශාවන් තුරුම්පු කරගන්න එක හරිම වෙරදියි කියලයි. මොකද මෙයාල මෙහෙම advertisements  දාන්නෙ එයාලගෙ site එකේ clicks වැඩිකරගන්න. මොකද clicks වැඩි වෙන තරමටනෙ advertisements වලට අයකරන ගාන වැඩිවෙන්නෙ. අනික facebook  එකේ තියෙන advertising අමුතුම කලාව නිසා මේක hit වෙනව ගොඩක් වැඩියි.(ගොඩක් අය දන්නව ඇති FB එකේ advertising කලාව ගැන. දන්නෙ නැති අය වෙනුවෙන් ඒගැන ලිපියකුත් ලගදිම දාන්නම් කෝ) මේ advertisements දාන්න කලින් මෙයාල පොඩ්ඩක්වත් හිතුවද දන්නෑ මේ දාල තියෙන පින්තූර් වල ඉන්න අයගෙ ආත්මගරුත්වය ගැන,ඒවගේම අපි දන්නවද හරියටම මේ පිංතූරවල ඉන්නෙ කවුද කියල? ස්මහරවිට මෙවත් faceබුකියෙම ඉන්න අපි කාගෙහරි අක්ක කෙනෙක්ගෙ, නංගිකෙනෙකුගෙ වෙන්න බැරිද? අනික අපේ පුන්චි රටේ ගිලිහීගෙනයන සදාචාරයට මොකද වෙන්නේ . මම නම් කියන්නෙ ඕනම මගෝඩි වැඩක් කරල සල්ලි හම්බුකරන්නේනැතුව කවුරු කවුරුත් අපේ රට ජාතිය ආගම ගැන හිතුවොත් හොදයි නේද??
ඔයාලත් මේක කියවල හිතට එන ඕනම අදහසක් යටින් ලියල යන්න.  
ඔයාලගෙ අදහස් මට ගොඩක් වටිනවා.