2010-11-26

iPad ට අභියෝගයක්

ලැප්ටොප්(Laptop) පරිඝණක මෙලොවට බිහිවී දැනට වසර 10 කට මඳක් වැවිය. පාම්ටොප් (Palmtop)පරිඝණක තවමත් බිහිවී වසර 3ක් වත් නැති තරම්ය. එහෙත් පාම්ටොප්(Palmtop) පරිඝණක අදවනවිට දහස් ගණනින් භාවිතා වෙමින් පවතී. නමුත් වෙළඳපොලට පැමිනෙනෙ සෑම පාම්ටොප්(Palmtop) පරිඝණකයක්ම වෙළඳපොල ජය නොගනී. එයට හේතු ගනනාවකි. ඒ අතරින් නවතම තාක්ෂණය(Latest Technology) ,ලාලිත්‍යය(Style) ,භාවිතයට පහසුබව (User Friendliness)  වැනි දේ මූලික වේ. 

මෑතකාලීනව පාම්ටොප්(Palmtop) ලොව නවතම පෙරලිය සිදුකරනු ලැබුවේ ඇපල් කොම්පියුටර් පුද්ගලික සමාගම මගින් නිපදවනු ලැබූ Apple iPad පාම්ටොප්(Palmtop) පරිඝණකයයි. නමුත් අද වනවිට පාම්ටොප්(Palmtop) ලොව නවතම පෙරලිය වූ  iPad පරිඝණකයට අභියෝග කලහැකි යන්ත්‍රයක් වෙලඳපොලට අවතීරණය වී තිබේ. 

එය ටොශිබා සමාඟම හඳුන්වාදුන්  Toshiba Libretto W100 නම් ලොව ප්‍රථම ද්විත්ව තිර පාම්ටොප් (Palmtop) පරිඝණක යයි. Toshiba Libretto W100 පරිඝණකයේ විශේෂත්වයන් බොහොමයකි. ඒ අතරින් ද්විත්වතිර සැලසුම. වෙබ් කැම් පහසුකම, අඩු බර, දිගු කාලයක් ජවය ලබාදියහැකි කෝෂ පද්ධතිය දැක්විය හැකියි.

මෙම පරිඝණකයේ තාක්ෂණික විස්ථර පහත පරිදි වේ. 
තිරය                                 :-   Dual 7.0-inch diagonal multi-touch displays7 (1024 x 600)
යතුරු පුවරුව                     :-  6-mode virtual keyboard with haptic response
මෙහෙයුම් පද්ධතිය           :-  Windows® 7 Home Premium operating system
ප්‍රොසෙසරය                       :-  Intel® Pentium® U5400 processor1 (1.2GHz)
රැම් මතකය                        :-  2GB DDR3 memory2
ප්‍රධාන මතකය                    :-  62GB Solid State Drive3
වෙබ් කැම්                          :-  1.0 megapixel HD Webcam with Toshiba Face Recognition
රැහැන් රහිත ජාලකරණය  :-  802.11 b/g/n wireless4
බ්ලූටූත් සම්බන්දය            :-  Bluetooth 2.1+EDR5
වෙනත් පහසුකම්              :-  MicroSD card slot
                                         :-  One USB 2.0 port
                                         :-  TOSHIBA Bulletin Board, ReelTime™ and PC Health Monitor 

                                              software
කෝෂය                            :-  8-cell battery
විශාලත්වය                       :-7.95” (W) x 4.84”(D) x 1.2”(H)
බර                                    :-1.8 lbs.6





පින්තූර

































 





 මේ පරිඝණකය ගැන ඔයගොල්ලන්ගෙ අදහසුත් දාන්න. ඒව හරි වටිනව නොවැ :)






2010-11-24

ඊ-පණිවුඩ අතරින් අහුලා ගතිමි....

බ්ලොග් ලියනව කිව්වට ඉතින් අදනම් දාන්නෙ මට ආපු මගේ හිතගිය e-mail එකක්. මේක ගොඩක් අය දැකල ඇති. ඒත් දැකල නැති අයත් ඇතිනේ.. ඉතින් මේක ඒ අයට.

ඇත්තටම මේ රූප වලින් පෙන්නන්නෙ මහජන එක්සත් චීනයේ ඉංග්‍රීසි භාවිතය තමයි. ඔයාලත් බලන්නකෝ මේව තමයි Chinglish




ආවාට ස්තූතියි.  :)



තල්ලු කරල එලියට යන්න.



බිල්ඩිමේ ඉල්ලීමක්   :)  :)



"අනේ මට කරදර කරන්න එපා " මෙහෙම කියන්නෙ කවුද??



චීනයේ නිෂ්පාදිත ළමයින් ගෙන් ඈත් කර තබන්න



 ළමයවත් අරගෙන පරිස්සමෙන් වතුරට වැටෙන්න..


 කකුල කොටකර ගන්න ???   යෙන් 28ක් පමනයි.


 මේක නම් මටත් තේරෙන් නෑ..  :(


 පුද්ගලික දත්ත බේකරිය


 බොතල් කල පානීය ජලය ටින් එකක  :)




 :)  :)   :)
 නොමිලේ ලබාදෙන වැසිකිලි පත්‍ර..  පාවිච්චි කරපුවා පරිස්සන් කරන්න   :)   :)


 උඩ පනින්නෙ බලාගෙනයි
 නිපැයුම් හමුවෙන්න  :)   :)


 වෙහෙසට පත්වී 110 ට ඇමතුමක් ගන්න.


 දුක් විදින්න ඕනනම් වෙන ක්‍රමයක් හොයාගන්න, වීදුරුව කඩන්න හදන්න එපා


 මිනිසුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ... hmm   Good Advice !!
 ක්‍රීඩා සහ ......  ඈ...  මොකක් ?????

2010-11-21

මාතෘකාවක් නෑ

Internet එකේ නිකන් එහෙ මෙහෙ යන කොට එක පාරට මතක් උනා මමත් බ්ලොග් එකක් පටන්ගත්ත නේද? කියල. ඉතින් ඒ පැත්තෙ ආව. එත් ටිකකින් හිතුනා අපරාදෙ ආවෙ කියල, ඇත්තමයි දහස් ගානක් යාලුවො හිටියට මේ පැත්තෙ ඇවිත් comment එකක් දාලයන්න එකෙක් නෑනෙ :(   :(  මොනව කරන්නද? ලබා උපන් හැටි තමයි  :)  :)

2010-11-12

වදුරෙකුට දැලි පිහියක් අසුවුනා... චාමිකගේ බ්ලොග් එක ඇරඹුනා....


ඇත්තටම වදුරෙකුට දැලිපිහියක් අහුවුනාම මොකද වෙන්නෙ ??? :)

ඒ වෙන දේ ඔයගොල්ලන්ට තව දවසක් දෙකක් මේ බ්ලොග් එක පැත්තෙ අවොත් බලාගන්න පුලුවන් වෙයි. මොකද මම එහෙම කිව්වෙ, මම ඒ ප්‍රස්තා පිරුළු චාමිකට බ්ලොග් එකක් අහුවුනා වගේ කියල තව ටික දවසක් ඇතුලත වෙනස් කරන්නයි යන්නෙ...

හික් හික් හික්...  හිනායන් නැද්ද??? එහෙනම් හිනා වෙන්න උත්සාහ කරන්න එපා.. වෙලාවක් තියෙනවනම් ඉතිරි ටිකත් කියවන්න නැත්තම් මේ පිටුව වහල දාන්න. :)




.... හරි හරි...

චාමිකගේ බ්ලොග් එක, එහෙමත් නැත්තම් මේ බ්ලොග් අඩවිය තමයි මම මුලින්ම පටන්ගත්ත බ්ලොග් අඩවිය. ඇත්තම කියනවනම් අර අල්ල්පුගෙදරට ෆ්‍රිජ් එකක් ගෙනාවම අපිත් ෆ්‍රිජ් එකක් ගේනව වගේ වැඩක් තමයි මෙක.මටත් මේ බ්ලොග් අඩවිය පටන්ගන්න හිතුනේ මම දන්න කියන ගොඩක් අයට තමන්ගෙම කියල බ්ලොග් එකක් තියෙන නිසා.. නිකන් දෙනවනම් හෙම්බිරිස්සාව උනත් අරගන්න මිනිස්සු ඉන්න රටේ ජීවත්වෙන නිසා මමත් ගූගල් ආයතනය නොමිලේම දෙන බ්ලොගෙර් සේවාව ලබාගෙන මගේම කියල බ්ලොග් එකක් හදාගත්තා. ඒත් ඉතින් මම බ්ලොගින් ගැන මුකුත් දන් නෑනෙ එකනිසා  හිශාන් මෙලන්ග අයියාගෙ මගේ කාලය බ්ලොග් එක බලාගෙන තමයි මේක හැදුවෙ. ඉතින් හිශාන් අයියට ගොඩාක් ස්තූතියි.. ඒ වගේම තමයි මේක කියවපු ඔයාටත් ගොඩක් ස්තූතියි. ඔය දකුණුපැත්තෙ තියෙන නිල කියවන්නො කියන බොත්තම ඔබල ඔබටත් මේ බ්ලොග් එකේ සාමාජිකයෙක් වෙන්න කියලා මම සුහද ආරාධණාවක් කරනවා..

මාගේ කතාව මේයින් අවසානයි.
අසා සිටි ඔබ සැමට ස්තූතියි..



පසුව ලියමි.

ඔබේ අදහස් පහසුවෙන් සිංහලෙන් සදහන් කිරීමට,
යුනිකෝඩ් එසැණිනි පරිවර්තකය යොදාගන්න. 

http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/t1.html