2011-06-28

බදුල්ලේ ඉදන් බණ්ඩාරවෙලට බස් එකේ ගිහින් තියෙනවද ??

අදනම් දාන්න යන්නේ පොටෝ පෝස්ට් එකක්. ඇත්තටම මේක මට යාලුවෙක් එව්ව ඊ-මේල් එකක්. දැක්ක ගමන් මට හිතුනා මේක මගේ බ්ලොග් යාළුවොත් එක්ක බෙදාගන්න තරම් වටින දෙයක් කියලා. මොකද මේ පින්තූර් ටික මට, මගේ රට ගැන හරිම අභිමානයක් ඇතිකරා. ඇත්තටම මත තවමත් හිතාගන්න බෑ මගේ රට කොයිතරම් සුන්දරද කියල :) 
එහෙනම් කතා ඇති. දැන් ඔයගොල්ලත් මේ පින්තූර ටික බලල හිතෙන දේවල් පහලින් ලියල යන්නකෝ.

 
 





2011-06-26

එස් බී මාමාගෙ නායකත්ව පුහුනුව පට්ටයිලු ඕයි !!!


පහුගිය ටිකේම අපිට මේ එස් බී මමගේ නායකත්ව පුහුනුව ගැන එක එක ඒවා අහන ලැබුන නොවැ. ඉතින් මමත් මේකෙ ඇත්ත නැත්ත දැන ගන්න බොහොම ආසවෙන් හිටියෙ.

එස් බී මාමාගෙ නායකත්ව පුහුනුව පට්ටයිලු ඕයි !!!

2011-06-21

අවාසනාවට ඇත්ත කතාවක් !!!

සතියකින් විතර පෝස්ට් එකක් දාන්නත් බැරි උනා ..  කොහෙද ඉතින් මේ විභාග කියන ඒවගේ ඉවරයක් අත්තෙම නෑනෙ !!  අද මම ලියන්න යන්නේ ඇත්ත්තම ඇත්ත තිත්තම තිත්ත කතාවක් ,


මේක මුලින්ම මට අත්දකින්න සිද්දවුනේ අපේ ගමේ සිල්ලර කඩේකට ගිය වෙලාවෙදි. අපේ ගමේ ගොඩක් මිනිස්සු ඉතින් දුප්පත්නේ. ඒ මිනිස්සු  රුපියල් 100ක් අරන් කඩේට එන්නේ වේලකට කන්න සේරම අඩුම කුඩුම අරන් යන්න තමයි, වෙලාවකට පුදුමත් හිතේනව රුපියල් 100ක් අරන් එන මනුස්සයා හාල් 250යි, ළුනු ගෙඩියයි, තක්කලි ගෙඩියයි,බිත්තරයයි....  අන්න එහෙම තමයි බඩුගෙනියන්නේ !

2011-06-11

ශ්‍රීලාංකීය බ්ලොග් කලාවේ අලුත්ම පෙරලිය.


මේ ලිපිය ලියන්නෙ ඇත්තටම මට හරි සතුටු වෙලාවක. මගේ බ්ලොග් එකට, අහෙමත් නැත්තම් චාමිකගේ බ්ලොග් එකට මාස 7ක් තුල 10000කට වඩා පිරිසක් ඇවිත් තියෙනවා. ඉතින් සතුටු නැත්ද ??  හි හි.
මේ ඇත්තටම බ්ලොග් එකකට පාඨකයන් එන්න නම් බ්ලොග් ලියන කලාවෙ වගේම බ්ලොග් එකට තියෙන ප්‍රචාරයත් ගොඩක් වටිනවා. අන්න එතනදි තමයි බ්ලොස් සින්ඩිකේටර් වල සහය අපිට ගොඩාක් වට්න්නේ. ඉතින් අද මම හිතුව ඔයාලට උණු උණු සින්ඩියක් දෙන්න. ඇත්තටම මේ සින්ඩිය අද වෙනකොට ශ්‍රීලාංකීය මාධ්‍ය අවකාශයේ ඉහලින්ම ඉන්න ජන මාධ්‍යක් වන දෙරණ මාධ්‍ය ජාලය විසින් ආරම්භකරන ලද්දක්.

2011-06-06

Micro Panda Geely Lc 1.3 කාර් එක ගැන දන්නවද ???

මේ දවස්වල කොල්ලුපිටිය ලිබර්ටි film hall එකේ පෙන්නන්න අපි කවුරුත් බලන්න ආසාවෙන් හිටිය ෆිල්ම් 1ක් නොවැ. ඒතමයි kung-Fu panda 2  film එක. ඉතින් film hall එක ලගින් යනකොට මම දැක්කා එක ඉස්සරහා හුරුබුහුටි කාර් පොඩ්ඩෙක් නවත්තල තියෙනව. ලන්වෙලා බැලින්නන් මෙන්න ඒක ඇතුලෙ පැන්ඩො දෙන්නෙකුත් ඉන්නව ..  හි හි...  බලන්ගියාම මේක අපේ රටේ කාර් කොම්පැනියෙ ඒ කියන්න micro cars කොම්පැනියෙ අලුත්ම කාර් එකේ promotion එකක්. හි හි, ඉතින් මමත් නිකන් ගන්න වගේ කාර් එකේ හැම අස්සක් මුල්ලක්ම බැලුව.

2011-06-03

පොලීසියෙන් හැම හොරෙක්ම අල්ලනවද ???


පොලීසිය කියන්න මොකක්ද කියල ඕන පොඩි එකෙක් ගෙන් ඇහුවොත් කියන්නේ හොරු අල්ලන තැන කියලනේ.
ඉතින් අපේ මාමටත් හිටිය පොලීසියේ යාළුවෙක්. මට මතකයි පොඩිකාලෙ දවසක් මම එයාගේන් ඇහුව මාමෙ කව්ද හොරු කියන්නෙ කියල. එතකොට එයා කිව්ව අනුන්ගෙ දෙයක් අයිතිකාරයට නොදන්වා , නොදැනෙන්න ගන්න අය හොරු කියල. එහෙම අයව පොලීසියෙ ඉන්න මාමල අල්ලල දඩුවම් කරනව කියලත් කිව්ව.
එහෙනම් දෙයියනේ මගේ හිත මටත් හොරෙන් අරගෙන මට උදේ හවා වදදෙන,
මේ කෙල්ලව පොලීසියෙන් අල්ලන් නැත්ත ඇයි ????
ඒ මොකද කියල ඔයාලවත් දන්නවනම් මට කියල දෙන්න කෝ ...