2010-11-14

ඔයාලත් u-torrent භාවිතා කරනවද ?

අද දවස වෙනකොට පරිගණකයක් හරහා අන්තර්ජාලයට සම්බන්දවෙන අයගෙන් බොහොදෙනෙක් u-torrent භාවිතා කරනවා. ඒ අයගෙන් බොහොදෙනෙකුට තියෙන ලොකු ප්‍රෂ්ණයක් තමයි u-torrent ස්පීඩ් අඩුකම. ඒ ප්‍රෂ්ණය විසදගන්න හොද ක්‍රමයක් තමයි seeds හා  leechs වැඩි ටොරන්ට් ෆයිල් තෝරාගැනීම. ඒත් හැම එකටම seeds හා leechs වැඩි ටොරන්ට් ෆයිල් හොයාගන්න එක කොයිතරම් අපහසුද කියලා u-torrent භාවිතා කරන අය හොදටම දන්නවනේ. ඉතින් මම මේ කියන්න යන්නේ ඒවගේ seeds හා leechs අඩු ටොරන්ට් ෆයිල් එකක් ලේසියෙන් බාගත කරන්න ක්‍රමයක් ගැන.

මුලින්ම අපි බලමු u-torrent  වල මූලික සැකැස්ම මොකක්ද කියලා. ඇත්තටම u-torrent  කියන්නෙ More You Give   More You Get    එහෙමත් නැත්තම් ඔයාල දෙන තරමට අපසු ලැබෙන  කියන පදනම මත රැදුනු වැඩසටහනක්. ඉතින් අපි මෙතනදි මුලින්ම කරන්න යන්නෙ මේ වැඩසටහන ගොඩක් අරන් ටිකක් දෙන එහෙනත් නැත්තම් More You Get  Less You Give  වැඩසටහනක් බවට පත්කරන එක. ඒක කරන්නේ මෙහෙමයි.

වැඩේට තියෙන්නේ පියවර 7 යි ඒවාගෙන් පියවර අංක 1 , 2 සහ 5  Microsoft Windows XP භාවිතා කරන්නන් සඳහා පමනයි. වෙනත් මෙහෙයුම් පද්දති භාවිතා කරන අය එම පියවරවල් මඟහරින්න.( මෙම විශෙෂ ප්‍රයෝග Microsoft මෙහෙයුම් පද්දති සදහා පමනක් අත්හදා බලා ඇති අතර Microsoft නොවන මෙහෙයුම් පද්දති සමඟ කෙසේ ක්‍රියාකරන්නේදැයි නොදනිමි )


පියවර 1
ඔබේ පරිගණකයේ Control Panel   වෙත ගොස් එහි Windows  Fire Wall වෙත පිවිසෙන්න. පසුව Windows  Fire Wall හි Exceptions  ටැබ් එක මත Click  කර එහි u-torrent තෝරන්න. පසුව එම වින්ඩෝවෙහි Add Port  මත ක්ලික් කල විට එන වින්ඩෝවෙහි Name යන්නට u-Torrent  ලෙසද , Port Number යන්නට 50000 - 65000 අතර අගයක් ලබාදී TCP රේඩියෝ බොත්තම තෝරා Ok කරන්න.




පියවර 2

මෙම පියවරේදී අප u-Torrent  වැඩසටහනෙහි සැකසීම් කිහිපයක් වෙනස් කරමු. ඒ සදහා u-Torrent  හි Options --> Preferences  වෙත යන්න.

පසුව ඵ්c හි Connection  ටැබ් එක තෝරා එහි Port Used For incoming Connections  යන්නට පලමු පියවරේදී Port Number සඳහා ලබාදුන් අගයම ලබාදෙන්න. අනෙකුත් සැකසුම් පහත රූපයේ පරිදි සකසන්න.

 
පියවර 3

මෙහිදීද අප සිදුකරනු ලබන්නේ  u-Torrent  හි සැකසුම් කිහිපයක් සැකසීමයි. නමුත් එය සිදු කිරීමට පෙර ඔබගේ අන්තර්ජාල සම්භන්දතාවයේ Download  හා Upload  ස්ප්‍රීඩ් දැනගත යුතු වේ. ඒ සදහා http://www.speedtest.net වෙත පිවිසෙන්න.( මෙම Speed ටෙස්ට් එක ඔබට වැඩිම අන්තර්ජාල වේගයක් ලැබෙන වෙලාවේදී සිදුකිරීම මගින් උපරිම ප්‍රතිඵල ලබාගත හැක. )



මාහට ලැබුනු අගයන් ඉහත පරිදි වේ. 

දැන් ඉතින් තියෙන්නෙ ගනන් ටිකක් හදන්න :)
එහෙනම් ඉතින් කොලේකුයි පෑනකුයි අරන් ලෑස්ති වෙන්නකෝ...

මුලින්ම  
Maximum Upload Speed  =  Upload Speed * 80% ඒ කියන්නෙ මට ආපු අගයන්ට අනුව ( 750*80% = 600
Maximum Download Speed = Download Speed * 95%   ඒ කියන්නෙ මට ආපු අගයන්ට අනුව 4110 *95% = 3905 
Global Maximum Number of Connections -- >600
Maximum Number of connected peers per torrent --> upload speed * 1.3
Number of upload slots per torrent --> 1 + (upload speed / 6)
Use additional upload slots if upload speed <90%:Checked

Preference වල Bandwidth තොරලා එහි අදාල ස්ථාන වලට අදාල ගනනය කිරීම් කරලා ඒවා නිවැරදිව පුරවන්න.


 පියවර 4

මෙහිදීද අප සිදුකරනු ලබන්නේ  u-Torrent  හි සැකසුම් කිහිපයක් වෙනස් කිරිමයි.

පලමුව Preference -->
BitTorrent  ටැබ් එකට ගිහින් Protocol encryption: Outgoing   "Enable"  කරන්න.
ඊට පස්සෙ
Allow incoming Legacy Connections
කියන එකෙත් ටික් එක දාල Ok කරන්න.



පියවර 5

Windows XP Service pack 2  හි  TCP සම්බන්දතා පිලිබද ගැටලුවක් පවතී. එය නිරාකරනය කරගැනීමට මෙම Patch එක යොදා ගන්න.

එම Patch භාවිතා කිරීමෙන් පසු එන Windows file Protection හි Cancel ක්ලික් කරන්න.

පියවර 6



u-Torrent වල Preferences- > Advanced options -> net.max_halfopen  හි අගය 50 ත් 100 ත් අතර අගයකට සකසන්න.







අවසාන පියවර

මෙම පියවර වඩාත් වැදගත් වෙන්නේ ඔයගොල්ලන්ගේ ෆයිල් එකක් Download  වෙලා අන්තිම හරියෙදි හිර උනාම තමයි. එහෙම නැතත් මෙමෙ පියවර මගින් ඔබගේ Download Speed එකට ලොකු බලපෑමක් කරන්න පුලුවන්. 


ඔයගොල්ලොන්ට තියෙන්නේ මේ පහත තියෙන public trackers ලයිස්තුව Copy කරලා ඔයාලගෙ Torrent ෆයිල් එකේ tracker list. එකට Paste කරන්න විතරයි. 
මුලින්ම මේ ටික Coppy කරගන්න කෝ.
 


http://tracker2.istole.it:60500/announce

http://inferno.demonoid.com:3400/announce

http://vip.tracker.thepiratebay.org/announce

http://track.sextorrent.to:2710/announce

http://tracker.deluxebits.to:3552/announce

http://denis.stalker.h3q.com:6969/announce

http://tracker.thepiratebay.org/announce

http://tracker.torrentbox.com:2710/announce

http://tracker.hexagon.cc:2710/announce

http://tracker.torrent.to:2710/announce

http://axxo.sladinki007.net:6500/announce

http://220.162.244.175:53880/announce

http://tpb.tracker.prq.to/announce

http://open.tracker.thepiratebay.org/announce

http://eztv.sladinki007.net:60500/announce

http://tv.tracker.prq.to/announce

http://218.145.160.136:8080/announce

http://tracker.prq.to/announce

http://tracker.torrenty.org:6969/announce

http://tpb.tracker.thepiratebay.org/announce

http://t.ppnow.net:2710/announce

http://www.torrentvideos.com:6969/announce

http://tracker.bitebbs.com:6969/announce

http://www.torrent-downloads.to:2710/announce

http://eztv.sladinki007.eu:60500/announce

http://www.ipmart-forum.com:2710/announce

http://tracker.ydy.com:83/announce

http://bt1.the9.com:6969/announce

http://tracker.sladinki007.net:6500/announce

http://tracker.ydy.com:102/announce

http://tracker.paradise-tracker.com:12000/announce

http://moviesb4time.biz/announce.php

http://tracker.deadfrog.us:42426/announce

http://mpggalaxy.mine.nu:6969/announce

http://www.sumotracker.org/announce

මේ හැම පේලියක් අතරම හිස් පේලියක් තිබ්ම අත්‍යවශ්‍ය බව මතක තියාගන්න. 

දැන් ඔබට ඕනෑකරන Torrent ෆයිලයේ Right click කර Properties වෙත ගොස් එහි trackers ලිස්ට් එකට Copy කරගත් නව trackers  past කර Ok කරන්න





 ඔව්. දැන් සැබැවින්ම ඔබගේ Torrent ෆයිල්ස් වෙනදාට වඩා වේගයෙන් Download වේවි.


මේක කරල බලල Comment එකක් දාන්න අමතක කරන්න එපා හොදඳ ....   :)