2011-04-22

කුමාර සංගක්කාර සහ ඔහුගේ බිරිද ගේ කතාව :)

මේ දවස්වල යුනිවර්සිටියෙ විභාගෙ නිසා බ්ලොග් එක පැත්තේ එවෙන්නෙත් නෑ. ඉතින් ඊ-ලිපි අතරින් හොද ඒවා තමයි මේ දවස්වල දාන්නෙ.
අදත් ඔයාලට දෙන්න යන්නෙ මට ආපු ඊ-ලිපියකින් උපුටා ගත්ත එකක්.
ඔය හැමෝම දන්නවනේ මේ දවස් වල අපි ICC world cup එකත් පැරදිලා හිතේ දුකෙන්  ඉන්න බව. ඉතින් අපිට එහෙම නම් අපේ cricket team එකේ නායකය වෙච්ච  කුමාර සංගක්කාර ට ඒක කොහොම දැනෙනව ඇතිද ?
ඉතින් හිතේ තියෙන දුක නිසාම අපේ සංග ගෙයින් එලියට බහින්නෙවත් නැතුව ඉන්න කොට, සංගගෙ නෝනා කිව්වලු
 ඔහොම ඉන්නෙ නැතුව සුපර් මාකට් එකට ගිහින් එළවලු ටිකක් අරන් එන්න කියල. 
   එතකොට  සංග කිව්වලු
අනේ මට බෑ .....   දැන් මේ මැච් එකත් පැරදිල ඉන්න වෙලාවෙ  මම කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නෙ කියලා.
ටික වෙලාවක් කල්පනා කරපු සංගගේ නෝනා කිවිවලු
එහෙනම් ඔයා සාරියක් ඇදගෙන ගැහැනු කෙනෙක් වගේ යන්න.එතකොට ඔයාව කවුරුවත් අදුන ගන්න එකක් නෑකියල.

ඔන්න ඉතින් අපේ සංගත් සාරියක් එහෙම ඇදගෙන සුපර් මාකට් එකට ගියාලු.
එක පාරටම ගැහැනු කෙනෙක් ඇවිත් සංගගෙන් ඇහුවලු සංග ඔයා මොකද මෙතන කරන්නෙ කියලා
දැන් ඉතින් සංගටත් හිතාගන්න බෑ මොකද උනේ කියල.
ඉතින් සංග ඇහූවලු ඔයා කොහොමද දැනගත්තෙ“ කියල
එතකෙට අර ගැහැනු කෙනා කිව්වලු යකෝ මම මහේල  කියලා

:)  :)  :)

මෙය සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක් වන අතර හුදෙක් විනෝදය සදහා 
පමණක් රචිත ප්‍රබන්දයකි.

අපි අපේ ක්‍රිකට් විරුවන්ට සදා ගෞරව කරමු.