2011-06-03

පොලීසියෙන් හැම හොරෙක්ම අල්ලනවද ???


පොලීසිය කියන්න මොකක්ද කියල ඕන පොඩි එකෙක් ගෙන් ඇහුවොත් කියන්නේ හොරු අල්ලන තැන කියලනේ.
ඉතින් අපේ මාමටත් හිටිය පොලීසියේ යාළුවෙක්. මට මතකයි පොඩිකාලෙ දවසක් මම එයාගේන් ඇහුව මාමෙ කව්ද හොරු කියන්නෙ කියල. එතකොට එයා කිව්ව අනුන්ගෙ දෙයක් අයිතිකාරයට නොදන්වා , නොදැනෙන්න ගන්න අය හොරු කියල. එහෙම අයව පොලීසියෙ ඉන්න මාමල අල්ලල දඩුවම් කරනව කියලත් කිව්ව.
එහෙනම් දෙයියනේ මගේ හිත මටත් හොරෙන් අරගෙන මට උදේ හවා වදදෙන,
මේ කෙල්ලව පොලීසියෙන් අල්ලන් නැත්ත ඇයි ????
ඒ මොකද කියල ඔයාලවත් දන්නවනම් මට කියල දෙන්න කෝ ...