Showing posts with label විහිළු. Show all posts
Showing posts with label විහිළු. Show all posts

2011-06-03

පොලීසියෙන් හැම හොරෙක්ම අල්ලනවද ???


පොලීසිය කියන්න මොකක්ද කියල ඕන පොඩි එකෙක් ගෙන් ඇහුවොත් කියන්නේ හොරු අල්ලන තැන කියලනේ.
ඉතින් අපේ මාමටත් හිටිය පොලීසියේ යාළුවෙක්. මට මතකයි පොඩිකාලෙ දවසක් මම එයාගේන් ඇහුව මාමෙ කව්ද හොරු කියන්නෙ කියල. එතකොට එයා කිව්ව අනුන්ගෙ දෙයක් අයිතිකාරයට නොදන්වා , නොදැනෙන්න ගන්න අය හොරු කියල. එහෙම අයව පොලීසියෙ ඉන්න මාමල අල්ලල දඩුවම් කරනව කියලත් කිව්ව.
එහෙනම් දෙයියනේ මගේ හිත මටත් හොරෙන් අරගෙන මට උදේ හවා වදදෙන,
මේ කෙල්ලව පොලීසියෙන් අල්ලන් නැත්ත ඇයි ????
ඒ මොකද කියල ඔයාලවත් දන්නවනම් මට කියල දෙන්න කෝ ...

2011-04-22

කුමාර සංගක්කාර සහ ඔහුගේ බිරිද ගේ කතාව :)

මේ දවස්වල යුනිවර්සිටියෙ විභාගෙ නිසා බ්ලොග් එක පැත්තේ එවෙන්නෙත් නෑ. ඉතින් ඊ-ලිපි අතරින් හොද ඒවා තමයි මේ දවස්වල දාන්නෙ.
අදත් ඔයාලට දෙන්න යන්නෙ මට ආපු ඊ-ලිපියකින් උපුටා ගත්ත එකක්.
ඔය හැමෝම දන්නවනේ මේ දවස් වල අපි ICC world cup එකත් පැරදිලා හිතේ දුකෙන්  ඉන්න බව. ඉතින් අපිට එහෙම නම් අපේ cricket team එකේ නායකය වෙච්ච  කුමාර සංගක්කාර ට ඒක කොහොම දැනෙනව ඇතිද ?
ඉතින් හිතේ තියෙන දුක නිසාම අපේ සංග ගෙයින් එලියට බහින්නෙවත් නැතුව ඉන්න කොට, සංගගෙ නෝනා කිව්වලු
 ඔහොම ඉන්නෙ නැතුව සුපර් මාකට් එකට ගිහින් එළවලු ටිකක් අරන් එන්න කියල. 
   එතකොට  සංග කිව්වලු
අනේ මට බෑ .....   දැන් මේ මැච් එකත් පැරදිල ඉන්න වෙලාවෙ  මම කොහොමද මිනිස්සුන්ට මූණ දෙන්නෙ කියලා.
ටික වෙලාවක් කල්පනා කරපු සංගගේ නෝනා කිවිවලු
එහෙනම් ඔයා සාරියක් ඇදගෙන ගැහැනු කෙනෙක් වගේ යන්න.එතකොට ඔයාව කවුරුවත් අදුන ගන්න එකක් නෑකියල.

ඔන්න ඉතින් අපේ සංගත් සාරියක් එහෙම ඇදගෙන සුපර් මාකට් එකට ගියාලු.
එක පාරටම ගැහැනු කෙනෙක් ඇවිත් සංගගෙන් ඇහුවලු සංග ඔයා මොකද මෙතන කරන්නෙ කියලා
දැන් ඉතින් සංගටත් හිතාගන්න බෑ මොකද උනේ කියල.
ඉතින් සංග ඇහූවලු ඔයා කොහොමද දැනගත්තෙ“ කියල
එතකෙට අර ගැහැනු කෙනා කිව්වලු යකෝ මම මහේල  කියලා

:)  :)  :)

මෙය සම්පූර්ණයෙන් අසත්‍ය කතාවක් වන අතර හුදෙක් විනෝදය සදහා 
පමණක් රචිත ප්‍රබන්දයකි.

අපි අපේ ක්‍රිකට් විරුවන්ට සදා ගෞරව කරමු.

2010-11-24

ඊ-පණිවුඩ අතරින් අහුලා ගතිමි....

බ්ලොග් ලියනව කිව්වට ඉතින් අදනම් දාන්නෙ මට ආපු මගේ හිතගිය e-mail එකක්. මේක ගොඩක් අය දැකල ඇති. ඒත් දැකල නැති අයත් ඇතිනේ.. ඉතින් මේක ඒ අයට.

ඇත්තටම මේ රූප වලින් පෙන්නන්නෙ මහජන එක්සත් චීනයේ ඉංග්‍රීසි භාවිතය තමයි. ඔයාලත් බලන්නකෝ මේව තමයි Chinglish




ආවාට ස්තූතියි.  :)



තල්ලු කරල එලියට යන්න.



බිල්ඩිමේ ඉල්ලීමක්   :)  :)



"අනේ මට කරදර කරන්න එපා " මෙහෙම කියන්නෙ කවුද??



චීනයේ නිෂ්පාදිත ළමයින් ගෙන් ඈත් කර තබන්න



 ළමයවත් අරගෙන පරිස්සමෙන් වතුරට වැටෙන්න..


 කකුල කොටකර ගන්න ???   යෙන් 28ක් පමනයි.


 මේක නම් මටත් තේරෙන් නෑ..  :(


 පුද්ගලික දත්ත බේකරිය


 බොතල් කල පානීය ජලය ටින් එකක  :)




 :)  :)   :)
 නොමිලේ ලබාදෙන වැසිකිලි පත්‍ර..  පාවිච්චි කරපුවා පරිස්සන් කරන්න   :)   :)


 උඩ පනින්නෙ බලාගෙනයි
 නිපැයුම් හමුවෙන්න  :)   :)


 වෙහෙසට පත්වී 110 ට ඇමතුමක් ගන්න.


 දුක් විදින්න ඕනනම් වෙන ක්‍රමයක් හොයාගන්න, වීදුරුව කඩන්න හදන්න එපා


 මිනිසුන්ගෙන් ප්‍රවේසම් වෙන්න ... hmm   Good Advice !!
 ක්‍රීඩා සහ ......  ඈ...  මොකක් ?????