2011-06-26

එස් බී මාමාගෙ නායකත්ව පුහුනුව පට්ටයිලු ඕයි !!!


පහුගිය ටිකේම අපිට මේ එස් බී මමගේ නායකත්ව පුහුනුව ගැන එක එක ඒවා අහන ලැබුන නොවැ. ඉතින් මමත් මේකෙ ඇත්ත නැත්ත දැන ගන්න බොහොම ආසවෙන් හිටියෙ.
ඉතින් ඔන්න ඊයේ රෑ 10 ට විතර මගේ CDMA එක සද්දවෙන්න ගත්ත නොවැ. මමත් ඒක අතට අරන් හේලෝ.....  කිව්ව. හි හි ..  "ආ මචං කොහොමද ඉතින් ගොඩක් කාලෙකින් කතාකරන්නත් බැරි උනානෙ" එහෙම කිව්වෙ call එක ගත්ත එකා. බැලින්නම් මගේ බොක්කෙ ෆිට් එකෙක් නෙ call කරල තියෙන්නෙ. මේකා කියන ඒවා හරියට ඇහෙන්නේත් නෑ මාර ගෝසාවක් තිබුනේ.
මම ඉතින් ඒකගේන් ඇහුවා මොකක්ද මචං ඔය සද්දේ කියල. එතකොට තමයි මේකා කිව්වෙ ආ මචං මම මේ බූස්සේ ආමි කෑම්ප් එකේ ඉන්නේ අර නායකත්ව පුහුනුවට ආවනේ බන්ස් කියල. අහ !!  ඉතින් මේ චාමික මේවගේ චාන්ස් එකක් අතහරීවි කියල ඔයාල හිතනවද ?? හ්ම්, කොහෙත්ම නෑ. ඉතින් මම එකාගෙන් නායකත්ව පුහුනුව ගැන හැම දේයක්ම වගේ අහගත්තා. ඒටික තමයි මේ ලියන්න යන්නේ.
ගණිත, විද්‍යා, කලා, වාණිජ කියන හැම විශය ධාරාවකින්ම විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබපු අය කලවමට තමයි මේ පුහුනුව ලබාදේන්නේ. ඉතින් හැම ක්ශේත්‍රයකම වැඩකාරයෝ අදුනගන්න මේ අයට අවස්තාව ලැබෙනවලු.මගෙ යාලුවා කියපු විදිහටනම් ඒක තමයි වටිනම දේ. ඒ වගේම හරි වටින ලෙක්චර්ස් එහෙමත් දෙනව කියන්නේ.
උදේ 5ට නැගිටින්න ඕනෙලු, 5.45 වන විට ශාරීරික අභ්‍යාස වලට පොලින් වෙනවලු. 6 වෙනකොට ජාතික ගීය එහෙම කියලා කිලොමීටර් 34ක් වටයක් දුවනව කියන්නේ. ඊට පස්සේ ඇග ලිහිල් වෙන ව්‍යායාම එහෙම කරල 7 වෙනකොට උදේ කෑමට යනවලු. ඒවගේම ඕන කෙනෙකුට ශාරීරික අභ්‍යාස වලට හා ව්‍යායාම වලට සහභාගී නොවී ඉන්නත් පුලුවන් ලු. නමුත් මගේ යාලුවා කියපු විදිහට හැම කෙනෙක්ම වගේ මේවට එකතු වෙනව. තවත් දේයක් කෑම ගැනනම් කතානොකරම බෑ කිව්ව. මොකද ගෙදරින් වත් මෙහෙම කෑමක් හම්බවෙන් නෑකියල තමයි කියන්නේ. උදේට සොසේජ් බන්, පාන් 1/2 යි පරිප්පුයි, බත්, කිරිබත්  වගේ දේවල්, උදේ 510ට හා හවස 5ට මයිලෝ දෙනවලු :)  :)  දවල් කෑමටත් මස් හෝ මාලු වරදින් නෑපු ඕං, සතියකට දේපාරක් විතර රෑට ෆ්‍යිඩ් රයිස් එහෙමත් හම්බෙනව කියන්නේ. දවල් කාලේයෙදිනම් ලෙක්චර්ස් වගේම සමූහ ක්‍රියාකාරකම් තමයි තියෙනවා කියන්නේ. ගොඩක්  ලෙක්චර්ස් වලදි නින්ද යනවලු. අහෙම නිදාගත්තොත් කට්ටිය සේරම කන්ඩායම් වලට බෙදලා ප්‍රශ්ණ අහනව ලු.
තවත් දේයක්, ඔයාල ඉල්ලන  ඕනෙම දෙයක් මේඅය ගෙනත්දෙනවලු, internet, projectors ඕනදෙයක් තියෙනවලු , ඔයාට ඕන දේ මෙතන නැත්තම්  කරන්නතියෙන්නෙ තියෙන තැන කියන්න විතරයිලු,උදාහරනයක් විදිහට මගේ යාලුවට නාට්ට්‍යක් කරන්න බෙරයක් ඕන වෙලා. තියෙන ගෙදර ලිපිනය දුන්නම පැය 2ක් යනකොට ඒක ගෙනැල්ල දුන්න ලු.
කොහොම හරි කවුරු කොහොම කිව්වත් මේ පුහුපුව පට්ටයි කියල තමයි මට හිතෙන්නේ. මොකද මට call කල යාලුවා phone එකේ එල්ලිලා හිටිය විනාඩි 25 ඇතුලත සියපාරකට වඩා ඔය පට්ටයි කියන වචනෙ කිව්ව. විශේෂම දේ තමයි චාටර් කියන වචනය එක පාරක් වත් නොකියපු එක :)  :)
මම ඉතින් මේ ලිව්වෙ යාලුවෙක් කියපු කතාවක්නේ. නමුත් මේකට සහභාගි උන අය මේ බ්ලොග් අවකාශයේ ඕනතරම් අති. එ අය මේ පොස්ට් එකේ වැරදි වගේම මට මඟඇරුනු දේවල් පහලින් ලියල යනවනම් තමයි වටින්නේ.