2010-11-26

iPad ට අභියෝගයක්

ලැප්ටොප්(Laptop) පරිඝණක මෙලොවට බිහිවී දැනට වසර 10 කට මඳක් වැවිය. පාම්ටොප් (Palmtop)පරිඝණක තවමත් බිහිවී වසර 3ක් වත් නැති තරම්ය. එහෙත් පාම්ටොප්(Palmtop) පරිඝණක අදවනවිට දහස් ගණනින් භාවිතා වෙමින් පවතී. නමුත් වෙළඳපොලට පැමිනෙනෙ සෑම පාම්ටොප්(Palmtop) පරිඝණකයක්ම වෙළඳපොල ජය නොගනී. එයට හේතු ගනනාවකි. ඒ අතරින් නවතම තාක්ෂණය(Latest Technology) ,ලාලිත්‍යය(Style) ,භාවිතයට පහසුබව (User Friendliness)  වැනි දේ මූලික වේ. 

මෑතකාලීනව පාම්ටොප්(Palmtop) ලොව නවතම පෙරලිය සිදුකරනු ලැබුවේ ඇපල් කොම්පියුටර් පුද්ගලික සමාගම මගින් නිපදවනු ලැබූ Apple iPad පාම්ටොප්(Palmtop) පරිඝණකයයි. නමුත් අද වනවිට පාම්ටොප්(Palmtop) ලොව නවතම පෙරලිය වූ  iPad පරිඝණකයට අභියෝග කලහැකි යන්ත්‍රයක් වෙලඳපොලට අවතීරණය වී තිබේ. 

එය ටොශිබා සමාඟම හඳුන්වාදුන්  Toshiba Libretto W100 නම් ලොව ප්‍රථම ද්විත්ව තිර පාම්ටොප් (Palmtop) පරිඝණක යයි. Toshiba Libretto W100 පරිඝණකයේ විශේෂත්වයන් බොහොමයකි. ඒ අතරින් ද්විත්වතිර සැලසුම. වෙබ් කැම් පහසුකම, අඩු බර, දිගු කාලයක් ජවය ලබාදියහැකි කෝෂ පද්ධතිය දැක්විය හැකියි.

මෙම පරිඝණකයේ තාක්ෂණික විස්ථර පහත පරිදි වේ. 
තිරය                                 :-   Dual 7.0-inch diagonal multi-touch displays7 (1024 x 600)
යතුරු පුවරුව                     :-  6-mode virtual keyboard with haptic response
මෙහෙයුම් පද්ධතිය           :-  Windows® 7 Home Premium operating system
ප්‍රොසෙසරය                       :-  Intel® Pentium® U5400 processor1 (1.2GHz)
රැම් මතකය                        :-  2GB DDR3 memory2
ප්‍රධාන මතකය                    :-  62GB Solid State Drive3
වෙබ් කැම්                          :-  1.0 megapixel HD Webcam with Toshiba Face Recognition
රැහැන් රහිත ජාලකරණය  :-  802.11 b/g/n wireless4
බ්ලූටූත් සම්බන්දය            :-  Bluetooth 2.1+EDR5
වෙනත් පහසුකම්              :-  MicroSD card slot
                                         :-  One USB 2.0 port
                                         :-  TOSHIBA Bulletin Board, ReelTime™ and PC Health Monitor 

                                              software
කෝෂය                            :-  8-cell battery
විශාලත්වය                       :-7.95” (W) x 4.84”(D) x 1.2”(H)
බර                                    :-1.8 lbs.6





පින්තූර

































 





 මේ පරිඝණකය ගැන ඔයගොල්ලන්ගෙ අදහසුත් දාන්න. ඒව හරි වටිනව නොවැ :)