2011-05-30

ඔබේ පරිඝණකයටත් පණ දෙමුද?

ඉතින් යාලුවනේ අද මම ඔයාලට දේන්න යන්න තාක්ෂණික ලිපියක්. ඇත්තටම ඔයාල ආස නැත්ද ඔයාලගෙ පරිඝණකය on කරපු ගමන්ම ඔයාගෙ නම කියල ඔයාව පිලිඅරගෙන පරිඝණකයේ වර්ථමාන තත්වය ගැන ඔයාට කතාකරලම කියන පරිඝණකයක හිමිකරුවෙක් වෙන්න. පුද්ගලිකව මම නම් ආසයි. ඒක නිසාම තමයි මම මේ vb-script එක ලිව්වෙ. ඉතින් මට හිතුන ඒක ඔයාලටත් දුන්නොත් හොදයි කියල.
ඇත්තටම මේකෙන් මොකද වෙන්නෙ? ඔයාලටත් ඒක ලොකු ප්‍රශ්නයක් නෙද? බය වෙන්න එපා ඔය හැම ප්‍රශ්නයකටම  උත්තර දෙනව.මම කලින් කිව්ව වගේ මේක vb-script එකක්, මේ script එකට පුලුවන් ඔයා පරිඝණකය ඕන් කරපු ගමන් ඔයාගෙ system time එක බලල ඒවෙලාවට ගැලපෙන විදිහට ඔයාට සුභ පතන්න(good morning, good afternoon, good evening  ) ඒවගෙම ඔයාට දිනය හා වේලාව කියන්න. වැදගත්ම දේතමයි මේ එක ඔයාගෙ user name එකයි computer name  එකයි යොදාගන්නව ඔයාට කතා කරන්න.

ඔයාගෙ පරිඝණකය desktop එකක්ද, laptop එකක්ද කියල අදුන ගන්නත් මම මේ script එකට හැකියාව ලබාදීල තියෙනවා. එහෙම අදුනගෙන ඔයා පාවිච්චි කරන්නෙ laptop එකක්නම් ඒ laptop එකේ බැටරියේ වර්ථමාන තත්වයත් ඔයාට දැනුම් දෙන්නත් මේ script එකට පුලුවන්.
මේ script එක double-click කර ගමන් install වෙන්න හදන්න පුලුවන්කම තිබුනත් මම එහෙම කරේ නෑ, මොකද ඒකට ඔයාලගේ computer එකේ registry එකත් එක්ක පොඩි සෙල්ලමක් දාන්න වෙනවා. ඒක ටිකක් භයානකයි. ඒනිසා ඔයාලට මේ script එක ඔයාගෙ පරිඝණකයෙ manually ස්ථාපනය කරගන්න වෙනව. එහෙම කරනවිදිය මේ file එකත් එක්ක තියෙන Read Me එකේ තිබුනත් වැඩි දෙනාගේ දැනගැනීම පිනිස මේකෙත් ලියන්නම්.

මුලින්ම ඔයා පහත තියෙන ලින්ක් එකේන් script එක download කරගෙන (rar file එක extract කරල script එක විතරක් copy කරගන්න ) script එක copy කරගෙන Start à All Programs à startup එක මත right-click කරල open click කරන්න(රූපය 1). දැන් open වෙන folder එක තුලට අර copy  කර ගත්තු script එක paste කරන්න.දැන් ඔයා script එක ස්ථාපනය කරල ඉවරයි. ඔයාට මේ script එක ඉවත් කරන්න ඕනනම් ඉස්සෙල්ල විදිහටම startup එකට ගිහින් scriptඑක delete කරන්න.
රූපය 1


මම මෙතනදි පාවිච්චි කරන්නෙ ඉංග්‍රීසි උච්චාරණය සඳහා නිපදවපු talking machine එකක් නිසා ඔයාලගෙ සිංහල නම් කියවනකොට යම් යම් ගැටලු ඇතිවෙන්න පුලුවන්. ඒවා නිරාකරනය කරගන්න හැටි මම ඔයාලට දැන් කියල දෙන්නම්. ඇත්තටම මම කියන විදිහට ඔයාලට පුලුවන් මේ script එක ඔයාලට ඕන විදිහට වෙනස්කරගන්න. ඔයාට කරන්න තියෙන්නෙ මෙච්චරයි.script  එකේ copy එකක් කොහෙට හරි අරගන්න. දැන් note pad ඔපෙන් කරගෙන note pad එක මතට script එක drag and drop කරන්න. දැන් ඔයාට පේන්නෙ මම ලියපු coding . ඔයාගෙ නම හරියට කියවන් නැත්තම් your name hear කියන (රූපය 2) තැන තියෙන line එක පහත තියෙන line එකෙන් replace කරන්න
CreateObject("SAPI.SpVoice").Speak"You are logged in as Your Name"
රූපය 2

දැන් මේ එකේ Your Name කියන තැනට ඔයාගෙ නම කියවන්න පුලුවන් විදිහට (උදා Sunil වෙනුවට  su,nil ) typeකරන්න. අනිත් දේවලුත් මේවිදිහටම වෙනස් කරගන්න ඔයාලට පුලුවන්.
මෙහෙම වෙනස් කරගත්තයින් පස්සෙ ctrl + s භාවතයෙන් වෙනස්කම් save කරගෙන ඔයාල එඩිට් කරපු අලුත් script එකෙන් කලින් startup එකට දාපු script එක replace  කරන්න.

මේ වගේම laptop භාවිතාකරන අයට තමන්ගෙ laptop එකේ බැටරියේ තත්වය පැය භාගයෙන් භාගයට කියන තව script එකක් මේ දවස්වල ලියාගෙන යනවා. ඒකත් ලගදිම දේන්නම් කෝ.  එහෙනම් ඔයාලගෙ අදහස් දාලයන්න අමතක කරන්න එපා හොදද, මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනවනම් ඒකත් ලියන්න. ඔබට ජය.

Script එක මෙතනින් ගන්න.