2011-05-06

චාමික Burger’s King ගියා වගේ.

SILLT එකේ Exam එකත් ඉවර උන නිසා දැන් ටිකක් නිදහසේ ඉන්නවා. ඉතින් මම හිතුව තවත් එක් සත්‍ය කතාවක් ඔයාලට කියන්න. ටිකක් තිත්ත උනත් ඉතින් මෙක ඇත්ත කතාවක්. අපේ SLIIT එකේ ඉන්න අයට ඉතින් කාගෙහරි Birth Day එකක් කියන්නෙ රජ මගුලක් තමයි. මම මේ කියන්න යන්නේ අපි, මගේ හොදම යාළුවෙකුගේ Birth Day එක සමරපු විදිහ තමයි.
අපේ විභාගෙ තිබුනෙ අප්‍රේල් 20 වෙනිද ඉදන් මැයි 4 වෙන්ද වෙනකන් නෙ. ඉතින් අපි ඔය විභාගෙ මැදට වැටෙන Birth Days ඔක්කොම ගන්නෙ Exam එකේ අන්තිම දවසට තමයි. ඉතින් අර මගේ හොද යාළු වගේ Birth Day එක තිබුනෙත් අප්‍රේල් 24 වෙනිද, ඉතින් අපි මේ Birth Day එක මැයි 4 වෙනිදට එකේ දී සමරන්න ලැහැස්ති උනේ මාසෙක විතර ඉදන්.
මගේ යාළුවා ගැන කියනවනම් ඔහුත් එක්තරා ආකාරයක පිස්සෙක් තමයි. මෙයාගෙ තාත්තා රජයේ පිලිගත් ආයතනයක ප්‍රධාන ඉංජිනේරු වරයෙක්. ඒවගෙම Private Bus 7ක් විතරත් තියෙනවා. මෙයාගෙ අම්මත් ප්‍රධාන පෙලේ පාසලක විදුහල්පතිනියක්.  වෙනත් විදිහකට කියනවනම් මෙයා සල්ලි නැති කෙනෙක් නෙමෙයි. ඉතින් අපි මෙයාගෙ Birth Day එක ගන්න තීරනය කරේ කියන Burger’s King  රෙස්ටුරන්ට් එකේ  (ඇත්තටම ඒකට රෙස්ටුරන්ට් එකක් කියන්න බෑ , නමුත් මම ඒකට කියන්න වෙන නමක් දන් නෑ :)..  )

හැදින්වීම ටිකක් වැඩි උනත් මගෙ ප්‍රදාන කතව වෙන්නෙ අපි ඒ රෙස්ටුරන්ට් එකට ගිය විදිහ  තමයි.
 

මේ තියෙන Map එකේ රතු පාටින් පෙන්නල තියෙන්නෙ Burger’s King  එකට යන්න පුලුවන් ලඟම පාර(තව ලඟ පාරවල් එකේ තිබුනත් ඒවා ආරක්ෂක හේතූන්මත වසා ඇත.) ඔය කලුපාටින් පෙන්නල තියෙන්නෙ අපි ගිය පාර. ඒ පාරෙ ගිය විදිහ දැන් කියන්නම් කෝ. ඔය කියනBus Halt 1 තැන වෙනකන් ඇවිදගෙන ගිය අපේ කට්ටියට එක පාරටම මහන්සියක් දැනිල Bus එකේ යන්න ඕන උනා නොවැ. ඉතින් අපි එතනින් Bus එකේ නැගල යන කොට එක්කෙනෙක් කිව්ව අ හා !!!   මේ තියෙන්නෙ තැන. මෙතනින් බහිමු කියල. අනේ ඉතින් අපි Bus Halt 2 කියන තැනින් බැස්ස නොවැ. බැහල බැලින්නම් තව දුර යන්න තියෙනවා. අපොයි......
මොනවා කරන්නද ඒ ටික ඉතින් ආයෙම පයින් තමයි. කොහොම කොහොම හරි අන්තිමට අපි Burger’s King  එකට ආවා. කොහොම හරි ඉතින් අන්තිමට 2km යන්න තිබුන ගමන 3.5 km ක්  ගිහින් තමයි නැවතුනේ.
වෙලාකට හිතෙනව පාඩුවක් උනේත් නෑ කියල. මොකද දවස් ගානකට හරියන්න කෑව.  :) :)
මේක ලියන්න පටන්ගත්ත වගේ නෙමෙයි, අන්තිම වෙනකොටනම් මටත් කම්මැලියි වගේ..  මොනව කරන්නද,මහන්සි වෙලා ලියපු එක නිසා දානව. කියවල අපරාදෙ මගෙ කාලය කියල හිතුනොත් මට බනින්න එපා හොදද.  
ඒ කොහොම උනත් මගේ අතිජාත මිත්‍ර  
චමිඳු කවින්ද්‍ර ට  සුබම සුබ උපන් දිනයක් වේවා 
කියල පරක්කු වෙලා හරි මම මේකෙ ලියනවා....

මෙන්න අපේ කට්ටිය Birth Day සමරපු හැටි.