2011-06-21

අවාසනාවට ඇත්ත කතාවක් !!!

සතියකින් විතර පෝස්ට් එකක් දාන්නත් බැරි උනා ..  කොහෙද ඉතින් මේ විභාග කියන ඒවගේ ඉවරයක් අත්තෙම නෑනෙ !!  අද මම ලියන්න යන්නේ ඇත්ත්තම ඇත්ත තිත්තම තිත්ත කතාවක් ,


මේක මුලින්ම මට අත්දකින්න සිද්දවුනේ අපේ ගමේ සිල්ලර කඩේකට ගිය වෙලාවෙදි. අපේ ගමේ ගොඩක් මිනිස්සු ඉතින් දුප්පත්නේ. ඒ මිනිස්සු  රුපියල් 100ක් අරන් කඩේට එන්නේ වේලකට කන්න සේරම අඩුම කුඩුම අරන් යන්න තමයි, වෙලාවකට පුදුමත් හිතේනව රුපියල් 100ක් අරන් එන මනුස්සයා හාල් 250යි, ළුනු ගෙඩියයි, තක්කලි ගෙඩියයි,බිත්තරයයි....  අන්න එහෙම තමයි බඩුගෙනියන්නේ !

ඉතින් දවසක් මම කඩෙට ගිහිපු වෙලාවකත් පොඩි ළමයෙකුත් එක්ක ආපු මනුස්සයෙක් මම ඉස්සෙල්ල කියපු විදිහටම බඩු අරගත්තා.පොඩි එකාගේන් බේරෙන්න බැරි නිසා චොකොලට් එකකුත් අරගේන සිගරට් 3කුත් ඉල්ලුවා. (සිරාවටම, අරම බඩුගත්තත් සිගරට් නම් 3ක් ම ඉල්ලුවා)ඔක්කොමත් කරල මුදලාලි ගාන කිව්වහම මිනිහ ගාව රුපියල් 10ක් විතර මදි , ඔයාලට හිතාගන්න පුලුවන්ද ඒ මනුස්සයා කල දේ, ඔව් ඒ මිනිහා අර පොඩි එකාට ගත්ත චොකෝ එක ආයෙම කඩේට දුන්න!!!    
ඇත්තටම මටනම් මේහෙම මිනිස්සු ගැන පුදුම කළකිරීමක් තියෙන්නේ.
ඒ පොඩිඒකා ඒ මනුස්සයාගෙමද වෙන කාගෙ හරිද කියන්න මම දන් නෑ, නමුත් පොඩි ළමයෙකුගේ සතුටට වඩා සිගරට් එකක් වටිනවද ??
ඔයාලට මොකද හිතේන්නේ මෙහෙම මිනිස්සු ගැන ???