2011-07-12

සීයේ සීයේ !!! සීය කොච්චර වයසද ??


ඔන්න ඉතින අදත් මම හිතුවා ඔයාලට වටින කියන ඒවගේම හිතට වදින ලිපියක් දේන්න ඕන ලියලා. ඉතින් අදත් මම තොරගත්තා මට යාලුවෙක් එවපු පට්ට ඊ-ලිපියක්. මේක ඉන්ගිරීසියෙන් නොවැ එවල තියෙන්නේ. ඉතින් ඔන්න මම පුලු පුලුවන් හැටියට සිංහලට හරවන්ටයි ලෑස්තිය.
ඔන්න දවසක් සීයාකෙනෙකුයි මුනුබුරෙකුයි ඉස්තෝප්පුවට වෙලා කතාකර කර හිටියලු අද කාලෙ ගැන. ඉතින් ඔන්න මුනුබුරා ඇහුවලු සීයගෙන් සීය මොකද හිතන්නේ අද ලොකයේ දියුනුව ගැන, අපි ඉස්කෝලෙ ගිහින් ඉගෙනගන්න දේවල් ගැන , සීයලගෙ පොඩි කාලෙ ගැන කියල.
ඉතින් සීය ටිකක් වෙලා කල්පනා කරල මෙන්න මෙහෙම කිව්වලු.
ඔව් මම ඉපදුනේ රූපවාහිණිය හදන්න කලින්,

ඒ කාලේ පෙනිසියුලින් වගේ බෙහෙත් හොයාහෙන තිබුනෙත් නෑ,

පෝලියෝ එන්නත තිබුනෙත් නෑ,

සීත කල ක්ෂණික ආහාර තිබුන් නෑල

ඇහැට දාන්න කන්ටැක්ට් ලෙන්ස් තිබුන් නෑ,

ක්‍රෙඩිට් කාඩ් තිබුන් නෑ,

බෝල් පොයින්ට් පෑන් තිබුන් නෑ,

වායුසමීකරණ හොයාගෙන තිබුන් නෑ

මිනිසා සඳ මත ඇවිදල තිබුන් නෑ,

ඔයාගෙ ආච්චියි මමයි විවාහ උනාට පස්සෙයි ඒකට ජීවත් උනේ,

හැම පවුලකටම මවක හා පියෙකු හිටියා,

අපිට හොද සහ නරක ගැන කියල දුන්න වගේම අපේ ක්‍රියාවන් වෙනුවෙන් වගකීම බාරගන්න ඉගැන්නුවා,

කාලය බෙදාගැනීම කිව්වේ පව්ලේ අය හැමෝම එක්ක සන්ද්ය‍යාව හා සති අන්තය ගතකරන එකට,

FM රේඩියෝ, සීඩී, ඉලෙක්ට්ට්‍රොණික් යතුරුලියන, යෝගට් ගැන වගේම කරාබු දාපු පිරිමි ලමයි ගැන අහල තිබුන් නෑ,

ඔව්, ඒකාලෙ Made in Japan කියල මොකක් හරි දෙයක් දැක්කොත් කිසි කෙනෙක් ඒක ගන් නෑ,

ක්ෂණික කෝපි ගැන අහලවත් තිබුන් නෑ,

අපි "coke" කිව්වේ සිසිල් බීම වලට,

"Aids" කිව්වෙ විදුහල් පති කාර්යාලයේ ඉන්න උදව්කරුවන්ට,

"chip" කිව්වෙ ලී පතුරු වලට,

"hardware" කිව්වෙ කඩ වර්ගයකට,

"software" කියල දෙයක් අහල තිබුනෙත් නෑ,

හ්ම්ම් ඒ වගේම අපි තමයි ගැහැනියෙ කුට දරුවෙක් වදන්න ස්වමියෙක් ඉන්නම ඕනෙ කියල විශ්වාස කල අවසාන පරපුර, 

ඉතින් අද මිනිස්සු කියනව අපි වයසක සිහිවිකල් මිනිස්සු කියල, දැන් පරම්පරා පරතරයක් තියෙනව කියල (දුකින් සිනාසෙමින්)

මෙ ඔක්කොම අහන් ඉදපු මුනුබුරා අහනව "සීයේ සීයේ !!! සීය කොච්චර වයසද ?" කියල.

සීය හිනාවෙමින් මුනුබුරාගෙ ඔලුව අතගාන ගමන් කියනව "මට තවම අවුරුදු 59යි දරුවෝ " කියල.
_______________________________________________________
ඉතින් යාලුවනේ ඔයාලට මොකද මේක කියවල ඉවරවෙද්දි හිතුනේ..
ඇත්තටම අපේ ලෝකෙ කොච්චරනම් වේගෙන් වෙනස් වෙලාද ?? කොච්චර වේගෙන් වෙනස් වෙනවද නේද ?